YouVersion Logo
Search Icon

හිතෝපදේශ 7:1-5

හිතෝපදේශ 7:1-5 SCV

මා පුත, මගේ වචන පිළිපදින්න; මගේ ආඥා ඔබ තුළ ගබඩා කර ගන්න. මගේ ආඥා පිළිපදින්න; එවිට ඔබ ජීවත් වනු ඇත. මගේ ඉගැන්වීම්, ඇසේ කළුරුවාව සේ රැක ගන්න. ඒවා ඔබේ ඇඟිලිවල පැලඳ ගන්න; ඒවා ඔබේ හදවත් පුවරුවේ ලියාගන්න. ප්‍රඥාවට, “ඔබ මගේ සහෝදරී” යි කියන්න, අවබෝධයට, ඔබේ ළඟ ම නෑයා කියා අමතන්න. තවද, අනාචාර ගැහැණියගෙන් ද චාටු කතාවෙන් යුත් අසංවර ගැහැණියගෙන් ද ඒවා ඔබ ආරක්ෂා කරයි.