YouVersion Logo
Search Icon

හිතෝපදේශ 6:6-11

හිතෝපදේශ 6:6-11 SCV

එම්බා අලසය, කූඹියා ළඟට ගොස්, උගේ ක්‍රියා මාර්ග සිතට ගෙන ප්‍රඥාවත් වන්න. උන්ට නායකයෙක් නැත, වැඩ බලන්නෙක් නැත; පාලකයෙක් ද නැත. එහෙත් උන් ගිම්හාන කාලයේ ආහාර රැස් කර ගනී; අස්වනු කාලයේ කෑම ගබඩා කර ගනී. එම්බා අලසය, තව කොතෙක් වේලා ඔතැන නිදා සිටිනවා ද? ඔය නින්දෙන් අවදි වන්නේ කවදා ද? ටිකක් නිදාගැනීමකි, ඩිංගක් ඇහැපියා ගැනීමකි, ටික වේලාවක් අත් දෙක පොරවා ගැනීමකි, එවිට ඔබට, දුප්පත්කම සොරකු මෙන් පැමිණේ; අවිගත්තකු සේ හිඟකම ඔබ යටත් කර ගනී.