YouVersion Logo
Search Icon

හිතෝපදේශ 6:24-29

හිතෝපදේශ 6:24-29 SCV

දුශ්චරිතවත් ගැහැණියගෙන් ද අන් සතු අසංවර තැනැත්තියකගේ චාටු කතාවෙන් ද ඒවා ඔබ ආරක්ෂා කරයි. ඇගේ රූ සිරියට ඔබේ සිතින් ගිජු නො වන්න; ඇගේ ඇස්වලින් ඔබ ඇගේ වසඟයට පත් නො වේවා! වෙසඟනකගේ මිල එක රොටියක් පමණි; අනාචාර පර අඹුවක් ඔබේ මුළු ජීවිතයට ම දැල එලනු ඇත. තමාගේ ඇඳුම් පුලුස්සා ගන්නේ නැතිව, මිනිසකුට ගින්දර තම ඔඩොක්කුවේ දමා ගත හැකි ද? තම දෙපා පුලුස්සා ගන්නේ නැතිව මිනිසකුට ගිනි අඟුරු පිට ඇවිදිය හැකි ද? අන් කෙනකුගේ බිරිඳ සමඟ කම්සැප විඳින්නාට ද එලෙස වෙයි; ඇය ස්පර්ශ කරන කිසිවකුත් දඬුවම් නො ලැබ නො සිටී.