YouVersion Logo
Search Icon

හිතෝපදේශ 6:1-11

හිතෝපදේශ 6:1-11 SCV

මා පුත, ඔබේ අසල්වැසියා උදෙසා ඔබ ඇපකරුවකු වී නම්, අනෙකකු වෙනුවෙන් අත තබා දිවුරුවේ නම්, ඔබ කී දෙයකින් පටලැවිල්ලකට මැදි වී, ඔබේ මුවේ වචන නිසා උගුලකට හසු වී නම්, මා පුත, ඔබේ අසල්වැසියාගේ අත්වලට ඔබ එසේ හසු වී සිටී නම්, මෙසේ කර ගැලවී ගන්න: ඔබ ම ගොස්, ඔහු ඉදිරියේ යටහත් වී, ඔබේ අසල්වැසියාට කරුණු කියමින් බල කරන්න. ඔබේ ඇසට නින්ද නො දී, ඔබේ ඇහිපිය නිදි බර නො වී, දඩයක්කරුගේ අතින් මිදී යන තිත් මුවකු පරිද්දෙන්, කුරුලු දඩයම්කරුගේ උගුලින් පැන යන කුරුල්ලකු පරිද්දෙන් නිදහස් ව යන්න. එම්බා අලසය, කූඹියා ළඟට ගොස්, උගේ ක්‍රියා මාර්ග සිතට ගෙන ප්‍රඥාවත් වන්න. උන්ට නායකයෙක් නැත, වැඩ බලන්නෙක් නැත; පාලකයෙක් ද නැත. එහෙත් උන් ගිම්හාන කාලයේ ආහාර රැස් කර ගනී; අස්වනු කාලයේ කෑම ගබඩා කර ගනී. එම්බා අලසය, තව කොතෙක් වේලා ඔතැන නිදා සිටිනවා ද? ඔය නින්දෙන් අවදි වන්නේ කවදා ද? ටිකක් නිදාගැනීමකි, ඩිංගක් ඇහැපියා ගැනීමකි, ටික වේලාවක් අත් දෙක පොරවා ගැනීමකි, එවිට ඔබට, දුප්පත්කම සොරකු මෙන් පැමිණේ; අවිගත්තකු සේ හිඟකම ඔබ යටත් කර ගනී.