හිතෝපදේශ 3:13-18
හිතෝපදේශ 3:13-18 SCV
ප්‍රඥාව සොයන මිනිසා, අවබෝධය අත්කර ගන්න මිනිසා, භාග්‍යවත් ය. මන්ද එය රිදීවලට වඩා පලදායි ය; රත්රන්වලට වඩා වැඩි සම්පත් උපදවා දෙන්නේ ය. ප්‍රඥාව රතුකැට මැණිකට වඩා අගනේ ය; ඔබ ආශා කරන කිසිවකටවත් එය සම කළ නො හේ. ඇගේ දකුණත ඇත්තේ, දීර්ඝායුෂ ය; වමතෙහි ඇත්තේ, ධන සම්පත් හා ගෞරවය ය. ඇගේ සියලු මාර්ග ප්‍රිය ජනක ය; ඇගේ මාවත් සියල්ල සාමය ය. ප්‍රඥාව තමා වැලඳගන්නාට ජීවන වෘක්ෂයකි; ඇය තරකොට අල්ලා ගන්නා ආශිර්වාද ලබන්නේ ය.





