හිතෝපදේශ 26:17-23
හිතෝපදේශ 26:17-23 SCV
මඟදී අනුන්ගේ ගැටුමකට මැදිහත්වන්නා, පාරේ යන බල්ලකු උගේ කන්වලින් අල්ලා ගත්තා වැනි ය. මාරක ගිනි පෙනෙලි හා ඊ ගස් විදින පිස්සකු වැනි ය, තම අසල්වැසියා රවටමින්, “විහිලුවටයි මා ඒක කළේ යැ” යි කියන මිනිසා. දර නැති වන විට ගින්න නිවෙයි; කේලම් කියන්නෙක් නොමැති විට ගැටුම් සංසිඳේ. ගිනි අඟුරුවලට අඟුරුත්, ගින්නට දරත් යම් සේ ද ආරවුල් ඇවිස්සීමට ගැටුම්කාරී මිනිසාත් ඒ වගේ ය. ඕපාදූප වචන මිහිරි රස කැවිල්ලකි; එය කෙනකුගේ ඇතුළාන්තයට ම ගිලා බහී. සිත යට නපුර තබාගෙන මුදු වදන් තෙපලන තොල්, රිදී ගෑ මැටි බඳුනක් වැන්න.





