හිතෝපදේශ 22:1-8
හිතෝපදේශ 22:1-8 SCV
මහා ධනයකට වඩා හොඳ නම උතුම් ය; රන් රිදීවලට වඩා කරුණාව පිළිගනු ලැබීම උතුම් ය. පෙහොසතාට ද දුප්පතාට ද පොදු වූ දෙයක් ඇත; ඔවුන් හැමගේ මැවුම්කරුවාණෝ ස්වාමින්වහන්සේ ය. නුවණක්කාරයා අනතුර දැක රැකවරණයක් ලබයි; එහෙත් අනුවණයා ඊට මුහුණ පා දුක් කරදර විඳවයි. නිහතමානීත්වය හා ස්වාමින්වහන්සේට භයවීමේ ඉටු විපාකය ධන සම්පත් ද ගරු බුහුමන් ද ජීවනය ද වේ. දුෂ්ටයින්ගේ මාවත්වල කටු ගස් ද මර උගුල් ද වේ; එහෙත් තමා ගැන පරෙස්සම්වන්නා ඒවායින් ඈත් ව සිටී. දරුවකු ඔහු යා යුතු මාර්ගයෙහි පුහුණු කරන්න; එවිට මහලු වියේදීත්, ඔහු ඉන් ඉවත් ව නො යයි. පොහොසත්තු, දුප්පතුන් ආණ්ඩු කරති; ණයට ගන්නා, ණයට දෙන්නාගේ සේවකයින් බවට පත් වෙති. අයුක්තිය වපුරන්නා විපත්තිය කපා ගනියි; ඔහුගේ උදහසේ ආයුධය ව්‍යර්ථ වේ.






