හිතෝපදේශ 21
21
1රජුගේ හදවත ස්වාමින්වහන්සේගේ අතේ ය;
උන්වහන්සේ එය දිය පාරක් සේ තමන් රිසි අත යවන සේක.
2කෙනකුට තමාගේ හැම මාර්ගයක් ම හරි යැයි පෙනේ;
එහෙත් ඔහුගේ හදවත කිරා බලන්නේ ස්වාමින්වහන්සේ ය.
3හරි දේ හා යුතු දේ කිරීම
යාග පූජාවකට වඩා ස්වාමින්වහන්සේට පිළිගත මනා ය.
4උඩඟු ඇස් ද අහංකාර හදවත ද යන
දුෂ්ටයින්ගේ පහන, පාපය ය.
5ඉක්මන්කාරීකම දුගී භාවයට කැන්දන් යන්නා සේ ම,
උත්සාහවන්තයාගේ සැලසුම් සඵලත්වයට ගෙන යයි.
6බොරු කියන දිවකින් උපයා ගන්නා ධනය
නො පෙනී යන හුමාලයකි; මර උගුලකි.
7හරි දේ කිරීම ප්‍රතික්ෂේප කරන බැවින්,
දුෂ්ටයෝ තමන්ගේ ම සැහැසිකමෙන් ඉවතට ඇද දැමෙති.
8වරදකරුවන්ගේ මාර්ගය ඇද ය.
එහෙත් නිදොස් අයගේ ක්‍රියා ඍජු ය.
9කලහකාරී බිරිඳක සමඟ එක ගෙයක වෙසෙනවාට වඩා,
පියස්සේ මුල්ලක විසීම හොඳ ය.
10දුෂ්ට මිනිසා නපුරට තෘෂ්ණා වෙයි;
ඔහුගේ අසල්වැසියාට ඔහුගෙන් දයාවක් නො ලැබේ.
11ගැරහුම්කරුට දඬුවම් දෙන කල, අඥානයා ප්‍රඥාව ලබයි;
අවවාද ලබන කල නැණවතා දැනුවත් වෙයි.
12ධර්මිෂ්ඨයාණෝ දුෂ්ටයින්ගේ නිවෙස් නිරීක්ෂණ කර,
දුෂ්ටයා විනාශයට හෙළා දමන්නාහ.
13දුප්පතුන්ගේ මොර ගැසීමට කන් වසා ගන්නා යම් කෙනකු වේ ද,
ඔහු මොර ගසනා කල, කිසිවකුත් ඔහුට පිළිතුරු නො දෙනු ඇත.
14රහසින් දෙන තෑග්ග කෝපය සමනය කරයි;
හොර රහසේ දෙන අල්ලස, දැඩි උදහස සන්සිඳුවයි.
15යුක්තිය ඉටු වන කල ධර්මිෂ්ඨයිනට එයින් ප්‍රීතිය ගෙනේ;
එහෙත් අධර්මිෂ්ඨයිනට එයින් භීතිය ගෙනේ.
16අවබෝධයේ මාවතින් බැහැර ව යන මිනිසා
මළවුන්ගේ සමාගමෙහි විවේක ගනු ඇත.
17විනෝදයට ඇලුම්වන්නා දුප්පත් වෙයි;
මිදි යුෂවලටත්, තෙල්වලටත් ඇලුම්වන්නා ධනවත් නො වේ.
18දුෂ්ටයෝ ධර්මිෂ්ඨයින් උදෙසා වන්දියකි;
ද්‍රෝහි වූවෝ ඍජු ගුණ ඇත්තන් උදෙසා වන්දියකි.
19කලහකාරී, වහා කිපෙන බිරිඳක හා වෙසෙනවාට වඩා
කාන්තාරයේ විසීම හොඳ ය.
20නැණවතාගේ නිවසේ, රස ගුණ අහර ද තෙල් ද ගබඩා කර ඇත;
එහෙත් අනුවණයා තමාට ඇති සියල්ල ගිල දමයි.
21ධර්මිෂ්ඨකම ද ප්‍රේමය ද හඹා යන කවරකුට වුව
ජීවනයත්, ධර්මිෂ්ඨකමත්, ගෞරවයත් අත්වෙයි.
22ප්‍රඥාවන්තයා බලවතුන්ගේ පුරවරයට පහර දී,
ඔවුන් විශ්වාසය තැබූ බළකොටු බිඳ හෙළයි.
23තම මුව ද තම දිව ද රැක ගන්නා
උපද්‍රවවලින් වැළකී සිටී.
24අහංකාර, උඩඟු මිනිසාට නමකි, “ගරහන්නා” යන්න;
මහ මාන්නක්කාර විලාශයකිනි ඔහු හැසිරෙන්නේ.
25අලසයාගේ ආශාව ඔහු මරා දමයි;
මන්ද ඔහුගේ දෑත වැඩ කිරීම ප්‍රතික්ෂේප කරයි.
26දවස මුළුල්ලේ ඔහු වඩ වඩා ගිජු වෙයි.
එහෙත් ධර්මිෂ්ඨයා නො මසුරු ව දෙයි.
27දුෂ්ටයකුගේ යාග පූජාව ද පිළිකුල් සහගත ය;
නපුරු අදහසකින් එය පිළිගන්වන කල, ඊට වඩා කොතරම් පිළිකුල් නො වේ ද?
28බොරු සාක්ෂිකරු විනාශ වී යන්නේ ය;
එහෙත් හොඳින් සවන් දෙන්නා වැඩදායි ව සාක්ෂි දෙන්නේ ය.
29දුෂ්ට මිනිසා තම මුහුණ දැඩි කර ගනී;
එහෙත් ඍජු ගති ඇත්තා තම මාර්ග ගැන සිතා බලයි.
30 ස්වාමින්වහන්සේට එරෙහිව ජය ගත හැකි අන් ප්‍රඥාවක් නැත;
අවබෝධයක් නැත, සැලැස්මක් ද නැත.
31සංග්රාම දවසට අශ්වයා සූදානම් කරනු ලැබ ඇත;
එහෙත් ජයග්‍රහණය ස්වාමින්වහන්සේ අතේ ය.
Currently Selected:
හිතෝපදේශ 21: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: