හිතෝපදේශ 20:1-3
හිතෝපදේශ 20:1-3 SCV
මිදි යුෂ ගැරහුම්කරුවෙකි, මද්‍යසාරය කලහකරුවෙකි; ඒවායින් මුළාව යන්නා නැණවතකු නො වේ. රජකුගේ උදහස සිංහයකුගේ ගර්ජනාවක් වැන්න; රජු කෝපගන්වන්නා එමඟින් තම ජීවිතය අහිමි කර ගනී. ගැටුම්වලින් වැළකී සිටීම කෙනකුට ගෞරවයක් ය; එහෙත් හැම අඥානයෙක් ම, දබරයට ඉක්මන් ය.





