YouVersion Logo
Search Icon

හිතෝපදේශ 2:10-15

හිතෝපදේශ 2:10-15 SCV

මන්ද ප්‍රඥාව ඔබේ හදවතට පිවිසෙනු ඇත, දැනගැන්ම ඔබේ ජීවයට ප්‍රීතිය වනු ඇත. විචක්ෂණ බුද්ධිය ඔබ බලා ගනු ඇත; අවබෝධය ඔබ රැකවල් කරනු ඇත. දුෂ්ට මාර්ගයෙන්, අගතිගාමී ව කතා කරන මිනිසුන්ගෙන් ප්‍රඥාව ඔබ ගලවා ගනී. අන්ධකාර මාර්ගවල ගමන් කරන පිණිස, ඔවුහු සෘජු මාවත්වලින් බැහැර වූවෝ ය. වැරදි කිරීමෙන් ප්‍රමෝදවත් වන ඔවුහු දුෂ්ටකමේ අගතියෙහි ප්‍රීති වන්නෝ ය. ඔවුන්ගේ මාවත් ඇද ය; ඔවුන්ගේ ක්‍රියා මාර්ග ද වංක ය.

Free Reading Plans and Devotionals related to හිතෝපදේශ 2:10-15