හිතෝපදේශ 19:1-14
හිතෝපදේශ 19:1-14 SCV
අවංක ලෙස ජීවත් වන දුප්පත් මිනිසා, හිතුවක්කාර තොල් ඇති අඥානයාට වඩා හොඳ ය. දැනුමෙන් තොර උද්යෝගය අවැඩදායක ය. පමණට වඩා හදිසිවීමෙන් අරමුණ වැරදී යා හැකි ය. මිනිසකුගේ මෝඩකම ඔහුගේ ජීවිතය විනාශ කරයි; එහෙත් ඔහුගේ හදවත ස්වාමින්වහන්සේට එරෙහිව වියරු වැටෙයි. ධන සම්පත් බොහෝ මිතුරන් උපද්දයි; එහෙත් දුප්පතාගේ එක ම මිතුරා ද ඔහු හැර යයි. බොරු සාක්ෂිකරු දඬුවම් නො ලැබ නො සිටී; බොරු වගුරුවන්නා ද නිදහස් ව නො යයි. බොහෝ දෙනෙක් උත්තමයාගේ හොඳ හිත සොයති; තෑගි දෙන මිනිසාට හැම කෙනකු ම මිතුරන් ය. දුප්පත් මිනිසා ඔහුගේ නෑයින් හැම දෙනා විසින් අත්හැර දැමේ; ඔහුගේ මිතුරෝ ඊට කොපමණ වැඩියෙන් ඔහුගෙන් ඈත් නො වෙද්ද? ඔහු කන්නලව් කරමින් ඔවුන් පසු පස ගියත්, ඔවුන් හමු විය නො හැකි වෙයි. දැනුම් තේරුම් ලබාගන්නා කවරෙක් වුව තම ජීවයට ප්‍රේම වෙයි; අවබෝධයට ලැදිව කටයුතු කරන්නා සඵලවත් වෙයි. බොරු සාක්ෂිකරු දඬුවම් නො ලැබ නො සිටී; බොරු වගුරුවන්නා, විනාශ වී යයි. සුඛෝපභෝගී ව ජීවත් වීම අඥානයකුට නොහොබනා ය; අධිපතීන් පාලනය කිරීම, වහලකුට ඊට වඩා කොතරම් නොහොබනා ද! දැනුම් තේරුම් ඇත්තා කෝප ගන්න පමාවෙයි; අන් කෙනකුගේ වරද නො සැලකීම ඔහුගේ ගෞරවයයි. රජකුගේ දැඩි කෝපය සිංහ ගර්ජනාවක් වැන්න; එහෙත් ඔහුගේ කරුණාව, තණ මත පිනි වගේ ය. අඥාන පුත්‍රයා, ඔහුගේ පියාගේ විනාශය ය. දබර කරන බිරිඳ, නො නැවතී හැලෙන වතුර බිංදු වැන්න. ගේ-දොර හා ධන සම්පත් මා-පියන්ගෙන් එන උරුමයකි; එහෙත් නැණවත් බිරිඳක්, ලැබෙන්නේ ස්වාමින්වහන්සේගෙනි.





