හිතෝපදේශ 18:13-17
හිතෝපදේශ 18:13-17 SCV
ඇහුම්කන් දීමට පෙර උත්තර දෙන කෙනකු වේ ද, එය ඔහුගේ මෝඩකමත්, ලජ්ජාවත් ය. මිනිසකුගේ ආත්මය ලෙඩ-දුක් දරා ගනියි; එහෙත් බිඳුණු ආත්මයක් දැරිය හැකි කවරකුට ද? බුද්ධිමතාගේ හදවත දැනුම අත්කර ගනී; ප්‍රඥාවතුන්ගේ කන ද දැනුම සොයයි. ත්‍යාගයක්, එය ප්‍රදානකරන්නාට මාර්ගය විවර කර දී, උත්තමයන් ඉදිරියට ඔහු කැඳවාගෙන යයි. දෙවැන්නකු පැමිණ හරස් ප්‍රශ්න අසන තුරු, මුලින් ම පැමිණිල්ල ඉදිරිපත් කරන්නා නිවැරදි යයි පෙනේ.





