YouVersion Logo
Search Icon

හිතෝපදේශ 14:29-33

හිතෝපදේශ 14:29-33 SCV

ඉවසිලිවන්ත පුද්ගලයාට මහා අවබෝධයක් ඇත; එහෙත් වහා කිපෙන්නා මෝඩකම ප්‍රදර්ශන කරයි. ශාන්ත වූ හදවත ගතට ජීවනය ගෙන දේ; එහෙත් ඊර්ෂ්‍යාව ඇටකටු දිරාපත් කරයි. දුප්පතුන්ට පීඩාකරන්නා ඔවුන්ගේ මැවුම්කරුවාණන්ට අවඥා කරයි; එහෙත් නැති බැරි අයට කාරුණික වන කවුරු නමුත්, උන්වහන්සේට ගෞරව කරයි. දුෂ්ටයා තම නපුරු ක්‍රියාව කරණකොටගෙන වැටී යයි; එහෙත් මරණයේදී පවා ධර්මිෂ්ඨයාට පිළිසරණක් ඇත. බුද්ධිමතුන්ගේ හදෙහි ප්‍රඥාව ලැගුම් ගනී; අඥානයින් අතරේ පවා එය ප්‍රකාශ වෙයි.