හිතෝපදේශ 11
11
1වංචනික තරාදි, ස්වාමින්වහන්සේට පිළිකුලකි;
එහෙත් නිවැරදි කිරුම්-මිනුම් උන්වහන්සේට ප්‍රසන්න ය.
2උඩඟුව පැමිණි කල, නින්දාව ඒ සමඟ පැමිණේ;
එහෙත් නිහතමානීත්වය සමඟ ප්‍රඥාව පැමිණේ.
3ඍජු ගති ඇත්තවුන්ගේ අවංකත්වය, ඔවුනට මග පෙන්වයි;
එහෙත් ද්‍රෝහීන් ඔවුන්ගේ වංචනිකත්වයෙන් වැනසේ.
4උදහසේ දවසේදී ධන සම්පත් පලක් නො වේ;
එහෙත් ධර්මිෂ්ඨකම මරණයෙන් නිදහස් කරයි.
5නිදොස් අයගේ දමිටුකම, ඔවුන්ට සෘජු මාවත් තනා දෙයි;
එහෙත් දුෂ්ටයින් ඔවුන්ගේ ම දුෂ්ටකමින් ඇද වැටේ.
6ඍජු ගති ඇත්තවුන්ගේ දමිටුකම, ඔවුන් නිදහස් කරයි;
එහෙත් ද්‍රෝහීහු තෘෂ්ණා උගුලට හසු වෙති.
7දුෂ්ට මිනිසා මැරුණු කල, ඔහුගේ බලාපොරොත්තු සුන් වේ;
ඔහුගේ ශක්තියෙන් ඔහු අපේක්ෂා කළ සියල්ල පහව යේ.
8දමිටු මිනිසා විපත්තියෙන් මිදේ;
ඒ වෙනුවට දුෂ්ට මිනිසා පිට විපත්තිය පැමිණේ.
9අභක්තිකයා තම මුවින්, තම අසල්වැසියා විනාශ කරයි;
එහෙත් දමිටු මිනිසා නුවණෙහි පිහිටා ඉන් ගැලවී යයි.
10දමිටුන් දියුණු වන කල නගරය ප්‍රීති වෙයි;
අදමිටුන් වැනසී යන කල, ප්‍රීති ඝෝෂා පැතිරේ.
11ඍජු ගුණ ඇත්තන්ගේ ආශිර්වාදයෙන් නගරය උසස් කෙරේ;
එහෙත් දුෂ්ටයින්ගේ මුඛයෙන් එය විනාශ කෙරේ.
12තම අසල්වැසියාට අවමන් කරන්නා අනුවණයෙකි;
එහෙත් අවබෝධය ඇත්තා නිහඬ ව සිටියි.
13ඕපාදූප කියන තැනැත්තා රහස් හෙළි කරයි;
එහෙත් විශ්වාසවන්ත මිනිසා රහසක් රැක ගනී.
14නිසි මග පෙන්වීමක් නැති විට ජාතියක් ඇද වැටේ;
එහෙත් අනුශාසකයන් බොහෝ වූ කල, ජයග්‍රහණය ඇත.
15නො දන්නා කෙනකුට ඇප වෙන්නා කරදරේ වැටෙයි;
එසේ අත තබා දිවිරීම ප්‍රතික්ෂේප කරන්නා සුරක්ෂිත ය.
16කරුණාවන්ත කාන්තාව ගෞරවය අත්කර ගනී;
එහෙත් නිර්දය මිනිසුන් අත්කර ගන්නේ ධනය පමණි.
17කාරුණික මිනිසා තමාට ම සෙතක් සලසා ගනී;
එහෙත් කුරිරු මිනිසා තමා පිට කරදර පටවා ගනී.
18දුෂ්ට මිනිසා වංචනික වේතන ලබා ගනී;
එහෙත් දමිටුකම වපුරන්නා නිසැක ත්‍යාගයක් ලබන්නේ ය.
19සැබවින් ම දමිටු මිනිසා ජීවනය අත්කර ගනී;
එහෙත් නපුර හඹායන්නා මරණය ළඟාකර ගනී.
20වංක සිත් ඇත්තන් ස්වාමින්වහන්සේට පිළිකුලක් ය;
එහෙත් නිදොස් මගෙහි යන්නන් ගැන උන්වහන්සේ ප්‍රසන්න ය.
21සහතික වශයෙන් දැනගන්න, දුෂ්ටයා දඬුවම් නො ලබා නො සිටියි;
එහෙත් ධර්මිෂ්ඨයෝ නිදහස් ව යන්නෝ ය.
22සුරූපී වුව ද, බුද්ධි හීන කාන්තාව
ඌරකුගේ හොම්බෙහි ලූ රන් මුදුවක් වැන්න.
23දමිටුන්ගේ ආශාව කෙළවර වන්නේ යහපතකිනි;
එහෙත් දුෂ්ටයින්ගේ බලාපොරොත්තුව කෙළවර වන්නේ උදහසෙනි.
24කෙනෙක් නො මසුරු ව දෙන නමුදු, බහුල ව අත්කර ගන්නේ ය;
තව කෙනෙක් මසුරු ව, දිය යුතු ව තිබූ දෑ නො දී සිටි නමුදු හිඟකමට පත් වන්නේ ය.
25ත්‍යාගශීලී මිනිසා ඉසුරුමත් වෙයි;
අන්‍යයනට පැන් වත් කරන තැනැත්තාට පැන් වත් කරනු ලබයි.
26ධාන්‍ය සඟවා තබාගන්නාට ජනයා ශාප කරති;
එහෙත් ඒවා අලෙවි කරන්නාගේ හිස පිට ආශිර්වාදයකි.
27සුබ සෙත සොයන්නාට යහපත සම්භ වේ;
එහෙත් නපුර සොයන්නා වෙත නපුර ළඟා වේ.
28තම වස්තුව පිට විශ්වාසය තබන කවුරු නමුත් වැටී යයි;
එහෙත් දමිටු මිනිසා අමු කොළයක් මෙන් සඵල වෙයි.
29තමන්ගේ ම පවුල අමාරුවේ දමන්නාට සුළඟ උරුම වෙයි;
අඥානයා ප්‍රාඥයාගේ සේවකයකු වෙයි.
30දමිටුන්ගේ පල ජීවන වෘක්ෂයකි;
මිනිසුන් දිනන්නා ප්‍රඥාවතෙකි.
31ධර්මිෂ්ඨයා මෙලොවේදී ම ඉෂ්ට විපාක ලබයි නම්,
අධර්මිෂ්ඨයා හා පව්කරුවා කොපමණ වැඩියෙන් අනිටු විපාක නො ලබත් ද?
Currently Selected:
හිතෝපදේශ 11: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: