හිතෝපදේශ 11:9-16
හිතෝපදේශ 11:9-16 SCV
අභක්තිකයා තම මුවින්, තම අසල්වැසියා විනාශ කරයි; එහෙත් දමිටු මිනිසා නුවණෙහි පිහිටා ඉන් ගැලවී යයි. දමිටුන් දියුණු වන කල නගරය ප්‍රීති වෙයි; අදමිටුන් වැනසී යන කල, ප්‍රීති ඝෝෂා පැතිරේ. ඍජු ගුණ ඇත්තන්ගේ ආශිර්වාදයෙන් නගරය උසස් කෙරේ; එහෙත් දුෂ්ටයින්ගේ මුඛයෙන් එය විනාශ කෙරේ. තම අසල්වැසියාට අවමන් කරන්නා අනුවණයෙකි; එහෙත් අවබෝධය ඇත්තා නිහඬ ව සිටියි. ඕපාදූප කියන තැනැත්තා රහස් හෙළි කරයි; එහෙත් විශ්වාසවන්ත මිනිසා රහසක් රැක ගනී. නිසි මග පෙන්වීමක් නැති විට ජාතියක් ඇද වැටේ; එහෙත් අනුශාසකයන් බොහෝ වූ කල, ජයග්‍රහණය ඇත. නො දන්නා කෙනකුට ඇප වෙන්නා කරදරේ වැටෙයි; එසේ අත තබා දිවිරීම ප්‍රතික්ෂේප කරන්නා සුරක්ෂිත ය. කරුණාවන්ත කාන්තාව ගෞරවය අත්කර ගනී; එහෙත් නිර්දය මිනිසුන් අත්කර ගන්නේ ධනය පමණි.





