YouVersion Logo
Search Icon

හිතෝපදේශ 1:10-15

හිතෝපදේශ 1:10-15 SCV

මා පුත, පව්කරුවෝ ඔබ පොලඹවන කල, ඔවුනට අවනත නො වන්න. “එන්න, අප සමඟ එන්න. අපි ලේ හැලුමට මග රැක සිටිමු; අපි රැක සිට අහිංසකයින් අහේතුක ව අල්ලා ගනිමු. ෂෙයෝල සේ අපි ඔවුන් පණ පිටින් ගිල දමමු; වළ පල්ලට යන්නවුන් පරිදි, මුළුමනින් ඔවුන් ගිල දමමු. හැම අයුරක අගනා භාණ්ඩ අපට ලැබෙනු ඇත; කොල්ල කෑ දෙයින් අපේ ගෙවල් පුරවාගත හැක. අප හා සමාගම්කාර වෙයන්න. අප හැමට පොදු පසුම්බියක් තබා ගනිමු” යි ඔවුන් පැවසිය හැක. මා පුත, ඔවුන් යන මාර්ගයේ නො යන්න; ඔවුන්ගේ මාවතින් ඔබේ පා වළක්වාගන්න.

Free Reading Plans and Devotionals related to හිතෝපදේශ 1:10-15