පිලිප්පි 3:7-9
පිලිප්පි 3:7-9 SCV
එහෙත් මට වාසිදායක වූ ඒ දෑ ක්‍රිස්තුස්වහන්සේ උදෙසා දැන් අවාසි ලෙසින් සලකමි. එපමණක් ද! මා ස්වාමියාණන් වූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ හැඳින ගැනීමේ පරම උතුම්කම හා සසඳන කල, අන් හැම දෙයක් ම අලාභයක් සේ සලකමි. උන්වහන්සේ නිසා සියල්ල මට අහිමි වුවත්, මා ඒ සියල්ල කුණු-කසල ලෙසින් සලකන්නේ ක්‍රිස්තුස්වහන්සේ අත්කර ගනු පිණිසත්, මා උන්වහන්සේ තුළ සිටින පිණිසත් ය. එය අත්කර ගන්නේ ව්‍යවස්ථාවෙන් එන මගේ ම ධර්මිෂ්ඨකමින් නො ව, ක්‍රිස්තුස්වහන්සේ ඇදහීම මගින් එන, ඇදහිල්ල මත දෙවියන්වහන්සේ වෙතින් එන ධර්මිෂ්ඨකම මගිනි.





