පිලිප්පි 3:7-14
පිලිප්පි 3:7-14 SCV
එහෙත් මට වාසිදායක වූ ඒ දෑ ක්‍රිස්තුස්වහන්සේ උදෙසා දැන් අවාසි ලෙසින් සලකමි. එපමණක් ද! මා ස්වාමියාණන් වූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ හැඳින ගැනීමේ පරම උතුම්කම හා සසඳන කල, අන් හැම දෙයක් ම අලාභයක් සේ සලකමි. උන්වහන්සේ නිසා සියල්ල මට අහිමි වුවත්, මා ඒ සියල්ල කුණු-කසල ලෙසින් සලකන්නේ ක්‍රිස්තුස්වහන්සේ අත්කර ගනු පිණිසත්, මා උන්වහන්සේ තුළ සිටින පිණිසත් ය. එය අත්කර ගන්නේ ව්‍යවස්ථාවෙන් එන මගේ ම ධර්මිෂ්ඨකමින් නො ව, ක්‍රිස්තුස්වහන්සේ ඇදහීම මගින් එන, ඇදහිල්ල මත දෙවියන්වහන්සේ වෙතින් එන ධර්මිෂ්ඨකම මගිනි. මට වුවමනා ක්‍රිස්තුස්වහන්සේ හා උන්වහන්සේගේ නැවත නැගිටීමේ බලය දැනගැනීමටත්, උන්වහන්සේගේ මරණයෙන් උන්වහන්සේ හා සමාන බවට පත් වෙමින්, උන්වහන්සේගේ දුක්-පීඩාවනට පංගුකාරවීමටත්, මෙසේ යම් අන්දමකින් මළවුන්ගෙන් නැගිටීම අත්කර ගැනීමටත් ය. මේ දෑ මා අත්කර ගෙන සිටිනවා නො වේ. පරිපූර්ණත්වයට පමුණුවනු ලැබ සිටිනවාත් නො වේ. ක්‍රිස්තුස් යේසුස්වහන්සේ මා අල්ලා ගත්තේ කුමක් සඳහා ද, ඒ දෑ අල්ලා ගැනීමට වැර දරමින් සිටිමි. සැබවින් ම සහෝදරයිනි, තවමත් මා ඒ දෑ අල්ලා ගත්තෙමැයි නො සිතමි. එහෙත් එක් දෙයක් කරමි. පසුපසින් ඇති දෑ අමතක කොට, ඉදිරියෙන් ඇති දෑ වෙත මුළු වීරියෙන් ම පෙරට ඇදෙමින්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේගෙන් වූ ස්වර්ගීය කැඳවීමේ දිනුම ලබන්නට දිනුම් කණුව කරා පෙරට දුවන්නෙමි.





