YouVersion Logo
Search Icon

පිලෙමොන් 1:8-17

පිලෙමොන් 1:8-17 SCV

එබැවින්, කරන්නට අවශ්‍ය දේ ගැන ඔබට නියෝග කරන්නට වුව ද, ක්‍රිස්තුස්වහන්සේ තුළ මට ධෛර්යය ඇතත්, ප්‍රේමයේ නාමයෙන් මම ඔබට ආයාචනයක් කරමි. මහලු මිනිසකු ද දැන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ සිරකරුවකු ද වන පාවුල් නම් මම, සිරගත ව සිටියදී පියාණන් බවට මා පත් වූ මගේ දරුවා වන ඔනේසිමස් ගැන ඔබට ආයාචනා කරමි. කලින් ඔහු ඔබට නිෂ්ප්‍රයෝජන ව සිටි නමුදු, දැන් ඔහු ඔබටත්, මටත් දෙදෙනාට ම ප්‍රයෝජන ව සිටියි. මගේ ම හදවත වැනි ඔහු ඔබ වෙත ආපසු එවන්නෙමි; ශුභාරංචිය උදෙසා මා මෙසේ සිරගත ව සිටියදී මගේ උපකාරයට, ඔබ වෙනුවට ඔහු මා වෙත රඳවා ගැනීම මගේ කැමැත්තයි. එහෙත්, ඔබගේ අනුමැතියෙන් තොර ව, කිසිත් කරන්නට මා කැමති නො වූයේ, ඔබ කරන යහපත බලයෙන් නො ව, ස්ව-කැමැත්තෙන් කරන්නක් වන පිණිසයි. ඇතැම් විට, කලකට ඔහු ඔබෙන් වෙන් කරන ලද්දේ ඔහු සදහට ම ආපසු ලැබීමට විය හැක. තවදුරටත් දාසයකු ලෙස නො ව, දාසයකුට වඩා ප්‍රේමණීය සහෝදරයකු ලෙස ලැබීමට විය හැක. විශේෂයෙන් ම මට එසේ වී නම්, මිනිස් ආකාරයෙන් පමණක් නො ව ස්වාමින්වහන්සේ තුළ සහෝදරයකු වශයෙන් ඔබට කොයි තරම් වේ ද! එබැවින් මා ඔබේ හවුල්කරු යැයි ඔබ සලකනවා නම්, මා පිළිගන්නා විලස සාදරයෙන් ඔහු පිළිගන්න.

Free Reading Plans and Devotionals related to පිලෙමොන් 1:8-17