පිලෙමොන් 1:8-16
පිලෙමොන් 1:8-16 SCV
එබැවින්, කරන්නට අවශ්‍ය දේ ගැන ඔබට නියෝග කරන්නට වුව ද, ක්‍රිස්තුස්වහන්සේ තුළ මට ධෛර්යය ඇතත්, ප්‍රේමයේ නාමයෙන් මම ඔබට ආයාචනයක් කරමි. මහලු මිනිසකු ද දැන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ සිරකරුවකු ද වන පාවුල් නම් මම, සිරගත ව සිටියදී පියාණන් බවට මා පත් වූ මගේ දරුවා වන ඔනේසිමස් ගැන ඔබට ආයාචනා කරමි. කලින් ඔහු ඔබට නිෂ්ප්‍රයෝජන ව සිටි නමුදු, දැන් ඔහු ඔබටත්, මටත් දෙදෙනාට ම ප්‍රයෝජන ව සිටියි. මගේ ම හදවත වැනි ඔහු ඔබ වෙත ආපසු එවන්නෙමි; ශුභාරංචිය උදෙසා මා මෙසේ සිරගත ව සිටියදී මගේ උපකාරයට, ඔබ වෙනුවට ඔහු මා වෙත රඳවා ගැනීම මගේ කැමැත්තයි. එහෙත්, ඔබගේ අනුමැතියෙන් තොර ව, කිසිත් කරන්නට මා කැමති නො වූයේ, ඔබ කරන යහපත බලයෙන් නො ව, ස්ව-කැමැත්තෙන් කරන්නක් වන පිණිසයි. ඇතැම් විට, කලකට ඔහු ඔබෙන් වෙන් කරන ලද්දේ ඔහු සදහට ම ආපසු ලැබීමට විය හැක. තවදුරටත් දාසයකු ලෙස නො ව, දාසයකුට වඩා ප්‍රේමණීය සහෝදරයකු ලෙස ලැබීමට විය හැක. විශේෂයෙන් ම මට එසේ වී නම්, මිනිස් ආකාරයෙන් පමණක් නො ව ස්වාමින්වහන්සේ තුළ සහෝදරයකු වශයෙන් ඔබට කොයි තරම් වේ ද!





