YouVersion Logo
Search Icon

ඔබදියා 1:17-21

ඔබදියා 1:17-21 SCV

එහෙත් ගැලවී පලා යන්නන් සියොන් කඳු මත සිටිනු ඇත. එය පාරිශුද්ධ තැනක් වනු ඇත. යාකොබ් වංශය ඔවුන්ගේ සම්පත් හිමි කර ගනු ඇත. යාකොබ් වංශය ගින්නක් ද යෝසෙප් වංශය ගිනි දැල්ලක් ද වනු ඇත. ඒසව් වංශය ඉපනැල්ලක් බඳු වී ඔවුන් විසින් ගිනි ලා දවා දමනු ලබන්නේ ය. දිවි ගලවා ගන්නා කිසිවකුත් ඒසව් වංශයේ නො වනු ඇතැ’ ” යි ස්වාමින්වහන්සේ පවසා ඇත. නෙගෙබ්හි ජනයා ඒසව්ගේ කඳු ද කඳු පාමුල බටහිර කඳු බෑවුම්හි ජනයා පිලිස්තීන්ගේ දේශය ද හිමි කර ගනු ඇත. ඔවුන් එප්‍රායිම්හි හා සමාරියෙහි ඉඩම් හිමි කර ගනු ඇත. බෙන්යමින් ජනයා ගිලියාද් දේශය, හිමි කර ගනු ඇත. කානාන්හි සිටින ඉශ්‍රායෙල් පිටුවහලුන් සමූහයා සාරෙෆත් දක්වා දේශය හිමි කර ගනු ඇත. යෙරුසලමෙන් පිටුවහල් ව සෙෆාරද්හි සිටින්නන් නෙගෙබ් පුරවර හිමි කර ගනු ඇත. ඒසව්ගේ කඳු ආණ්ඩු කරන්නට මිදුම්කරුවන් සියොන් කඳු මතට නැගෙනු ඇත. රාජ්‍යය ද ස්වාමින්වහන්සේගේ වනු ඇත.