ගණන් 9
9
පාස්කුව සැමරීම
1ඉශ්‍රායෙල් ජනයා ඊජිප්තුවෙන් පිටතට පැමිණි පසු, දෙවන වසරේ පළමු මස සීනයි කාන්තාරයේදී ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, ඔහුට මෙසේ පැවසූ සේක. 2“නියමිත දවස්හි දී ඉශ්‍රායෙල් ජනයාට පාස්කුව පවත්වන්නට සලස්වන්න. 3ඊට නියමිත කාලය වන මෙම මස දාහතර වන දින හැන්දෑවේ අදාළ නියෝග හා නියමයන් සියල්ලට අනුකූලව එය පවත්වන්න.”
4එවිට මෝසෙස්, පාස්කුව පවත්වන්නැයි ඉශ්‍රායෙල් ජනතාවට පැවසී ය. 5පළමු මස දාහතර වන දින හැන්දෑවේ සීනයි කාන්තාරයේදී ඔවුහු එසේ කළහ. ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කළ පරිද්දෙන් ඉශ්‍රායෙල් ජනයා හැම දේ ම කළහ.
6එහෙත් මළ මිනියක් හේතු කොට අපවිත්‍ර ව සිටි ඇතැම් දෙනකුට ඒ දවසේ පාස්කුව පැවැත්වීමට නො හැකි විය. එබැවින් ඒ දවසේ ම මෝසෙස් හා ආරොන් වෙත පැමිණි ඔවුහු, 7මෝසෙස් අමතමින්, “මළ මිනියක් හේතු කොට අප අපවිත්‍ර වූවා. නියමිත කාලයේදී සෙසු ඉශ්‍රායෙල්වරුන් සමඟ ස්වාමින්වහන්සේගේ පූජාව පිළිගැන්වීමෙන් අප වළකනු ලබන්නේ මන්ද?” යි ඇසූහ.
8මෝසෙස් ඔවුනට පිළිතුරු දෙමින්, “ඔබ සම්බන්ධයෙන් ස්වාමින්වහන්සේ කුමක් අණ කරන සේක් දැයි මා අසා දැනගන්නා තෙක් ඉන්නැ” යි පැවසී ය.
9එවිට ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, 10“ඉශ්‍රායෙල්වරුනට මෙසේ කියන්න: ඔබ අතරින් යමෙක් හෝ ඔබෙන් පැවතෙන්නෙක් හෝ මළ මිනියක් හේතු කොට අපවිත්‍ර ව සිටියා වුව ද, බැහැරක ගමනේ යෙදී සිටියා වුව ද, ඔවුන් ද ස්වාමින්වහන්සේගේ පාස්කුව පවත්වත්වා. 11දෙවන මස දාහතර වන දින හැන්දෑවේ ඔවුන් එය පැවැත් විය යුතු ය. ඔවුන් මුහුන් රහිත රොටි හා තිත්ත පලා සමඟ බැටළු පැටවා අනුභව කළ යුතු ය. 12ඔවුන් උගෙන් කිසිවක් උදය වන තුරු ඉතිරි නො කළ යුතු ය. උගේ ඇටයකුදු නො බිඳිය යුතු ය. පාස්කුවේ සියලු ව්‍යවස්ථාවලට අනුකූලව ඔවුන් එය පැවැත් විය යුතු ය. 13එහෙත් පවිත්‍ර ව සිටින කෙනෙක් ගමනක ද නො යෙදී සිටියදී, පාස්කුව පැවැත්වීම පැහැර හරියි නම්, ඒ පුද්ගලයා ඔහුගේ ජනතාව අතරින් සිඳ දැමිය යුතු ය. මන්ද ඔහු ස්වාමින්වහන්සේගේ පූජාව නියමිත දවස්හි දී නො පිළිගැන් වූ බැවිනි. ඔහු තම පාපයේ විපාකය දරනු ඇත.
14“ ‘ඔබ අතරේ වෙසෙන විදෙස්සකු ස්වාමින්වහන්සේගේ පාස්කුව පැවැත්වීමට කැමති වෙතොත්, ඔහු එසේ කළ යුත්තේ, සියලු නීති හා ව්‍යවස්ථාවනට අනුකූලව ය. විදෙස්සනටත්, පුරවැසියනටත් ඔබට තිබිය යුත්තේ එක ම ව්‍යවස්ථාවකැ’ යි” පැවසූ සේක.
මණ්ඩපයට ඉහළින් වලාකුළ
15මණ්ඩපය පිහිටූ දවසේ වලාකුළ, මණ්ඩපය එනම් ගිවිසුම් කූඩාරම වසාලී ය. මණ්ඩපයට ඉහළින් වූ වලාකුළ, සවස සිට උදය දක්වා ගිනි විලස දිස් විණි. 16දිගට ම එය පැවතියේ එලෙසිනි: වලාකුළ එය වසා ගති. රාත්‍රියේ එහි පෙනුම ගිනි වැන්න. 17වලාකුළ මණ්ඩපය මතින් ඉහළට එසැවුණු කල්හි, ඉශ්‍රායෙල් ජනයා පිටත් ව ගමනේ යෙදුණහ. වලාකුළ තැන්පත් වූ කල, ඔවුහු කඳවුරු බැඳ ගත්හ. 18මෙසේ ස්වාමින්වහන්සේගේ අණින් ඉශ්‍රායෙල්වරු ගමනේ යෙදුණහ. උන්වහන්සේගේ අණින් ඔවුහු කූඩාරම් ගසා ගත්හ. මණ්ඩපයට ඉහළින් වලාකුළ නැවතී සිටි තාක් ඔවුහු ද කඳවුරෙහි නැවතී සිටියහ. 19වලාකුළ මණ්ඩපයට ඉහළින් දිගු කලක් නැවතී තිබූ විට, ස්වාමින්වහන්සේගේ නියෝගයට කීකරු වූ ඉශ්‍රායෙල්වරු පිටත් ව ගියේ නැත. 20ඇතැම් විට, මණ්ඩපයට ඉහළින් වලාකුළ වූයේ ස්වල්ප දවසක් පමණි. ස්වාමින්වහන්සේගේ අණ පරිදි ඔවුහු කඳවුරේ නැවතී සිටියහ. උන්වහන්සේගේ අණ පරිදි ඔවුහු පිටත් ව ගමනේ යෙදුණහ. 21ඇතැම් විට වලාකුළ නැවතුණේ සවස සිට උදය තෙක් පමණි. එසේ උදෑසන එය එසැවුණු කල, ඔවුහු පිටත් වූහ. දහවලේ හෝ රැයේ හෝ වලාකුළ එසවුණේ කවර විටෙක ද, එවිට ඔවුහු පිටත් ව ගියහ. 22මණ්ඩපයට ඉහළින් වලාකුළ නැවතී තිබුණේ දෙදිනක් හෝ මසක් හෝ වසරක් හෝ වුව ද ඒ කාලය තුළ කඳවුරේ ම නැවතුණු ඉශ්‍රායෙල්වරුන් ගමනේ යෙදුණේ නැත. එහෙත් එය එසැවුණු කල ඔවුහු ගමන් ගත්හ. 23ස්වාමින්වහන්සේගේ අණින් ඔවුහු කඳවුරු බැන්දහ. ස්වාමින්වහන්සේගේ අණින් ඔවුහු පිටත් ව ගියහ. මෝසෙස් මගින් ලද උන්වහන්සේගේ අණට අනුකූලව ඔවුහු ස්වාමින්වහන්සේගේ නියෝගයට කීකරු වූහ.
Currently Selected:
ගණන් 9: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: