YouVersion Logo
Search Icon

ගණන් 9:1-5

ගණන් 9:1-5 SCV

ඉශ්‍රායෙල් ජනයා ඊජිප්තුවෙන් පිටතට පැමිණි පසු, දෙවන වසරේ පළමු මස සීනයි කාන්තාරයේදී ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, ඔහුට මෙසේ පැවසූ සේක. “නියමිත දවස්හි දී ඉශ්‍රායෙල් ජනයාට පාස්කුව පවත්වන්නට සලස්වන්න. ඊට නියමිත කාලය වන මෙම මස දාහතර වන දින හැන්දෑවේ අදාළ නියෝග හා නියමයන් සියල්ලට අනුකූලව එය පවත්වන්න.” එවිට මෝසෙස්, පාස්කුව පවත්වන්නැයි ඉශ්‍රායෙල් ජනතාවට පැවසී ය. පළමු මස දාහතර වන දින හැන්දෑවේ සීනයි කාන්තාරයේදී ඔවුහු එසේ කළහ. ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කළ පරිද්දෙන් ඉශ්‍රායෙල් ජනයා හැම දේ ම කළහ.

Video for ගණන් 9:1-5