ගණන් 7
7
මණ්ඩපය කැප කිරීමේ පූජා හා පඬුරු
1මෝසෙස් මණ්ඩපය ඉදි කොට නිම වූ දවසේ ම, ඔහු එය සහ එහි සියලු බඩු බාහිරාදිය ආලේප කොට, කැප කළේ ය; තවද ඔහු පූජාසනය සහ ඊට අයත් උපකරණ ද ආලේප කොට, කැප කළේ ය. 2ඉන්පසු සංගණනය කරනු ලැබූ ජනයාට ඉහළින් සිටි ගෝත්‍ර නායකයින් වූ ඉශ්‍රායෙල් නායකයින් වන පියවංශ ප්‍රධානීහු පුද පඬුරු පූජා කළහ. 3ඔවුහු තම පඬුරු වශයෙන්, ආවරණ කරන ලද කරත්ත හයක් හා ගවයින් දොළොස් දෙනකු ස්වාමින්වහන්සේ වෙත ගෙන ආහ. නායකයින් දෙදෙනකුට එක කරත්තය බැගිනි; එක් එක් කෙනාට එක ගවයකු බැගිනි. ඔවුහු ඒවා මණ්ඩපය ඉදිරියට ගෙන ආහ.
4එවිට ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, 5“මේවා ඔවුන්ගෙන් බාර ගන්න; හමුවීමේ කූඩාරමේ ප්‍රයෝජනයට ඒවා ගත හැකි වෙයි. ඒ එක් එක් කෙනාගේ සේවා අවැසිතා අනුව, ඒවා ලෙවීවරුනට දෙන්නැ” යි පැවසූ සේක.
6එබැවින් මෝසෙස් එම කරත්ත හා ගවයින් බාරගෙන ලෙවීවරුනට දුන්නේ ය. 7ගෙර්ෂොන්ගේ පුත්‍රයන්ට, ඔවුන්ගේ සේවා අවැසිතා අනුව කරත්ත දෙකක් හා ගවයින් සිවු දෙනකු ද 8මෙරාරීගේ පුත්‍රයන්ට ඔවුන්ගේ සේවා අවැසිතා අනුව කරත්ත හතරක් හා ගවයින් අටදෙනකු ද දුන්නේ ය. ඒ සැවොම පූජක ආරොන්ගේ පුත් ඊතාමර්ගේ අධීක්ෂණය යටතේ සිටින්නවුන් ය. 9එහෙත් කොහාත්ගේ පුත්‍රයන්ගේ වගකීම වූයේ, ශුද්ධ භාණ්ඩ ඔවුන්ගේ කර පිට තබා, ඔසවාගෙන යෑම වූ බැවින් මෝසෙස් ඔවුනට ඒ එකකුදු දුන්නේ නැත.
10පූජාසනය ආලේප කරනු ලැබූ කල, නායකයෝ එය කැප කිරීම උදෙසා තම පඬුරු ගෙනැවිත්, පූජාසනය ඉදිරියේ ඒවා පිළිගැන් වූහ. 11මන්ද, “එක් එක් දවසට එක් එක් නායකයා තම තමාගේ පඬුරු පූජාසනය කැප කිරීම උදෙසා ගෙන ආ යුතු යැ” යි ස්වාමින්වහන්සේ මෝසෙස්ට පවසා තිබූ හෙයිනි.
12මුල් දවසේ තම පඬුර ගෙන ආවේ යූදා ගෝත්‍ර වංශයේ අම්මිනාදාබ්ගේ පුත් නාෂොන් ය.
13ඔහුගේ පඬුර වූයේ,
ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටි පුරවන ලද ශුද්ධස්ථානයේ සම්මත මිම්මට අනුව, ෂෙකෙල් එකසිය තිහක් බරැති රිදී පිඟානක් හා ෂෙකෙල් හැත්තෑවක් බරැති රිදී පාත්‍රයක් ද
14සුවඳ ද්‍රව්‍ය පුරවන ලද ෂෙකෙල් දහයක් බරැති රන් දීසියක් ද
15දවන යාග පූජාවක් සඳහා ගොන් වස්සකු, බැටළුවකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවකු ද
16පාප පූජාවක් සඳහා එළුවකු ද
17ශාන්ති පූජාවක් වශයෙන් පූජා කරනු සඳහා ගවයින් දෙදෙනකු, බැටළුවන් පස් දෙනකු, එළුවන් පස් දෙනකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවුන් පස් දෙනකු ද වේ.
අම්මිනාදාබ්ගේ පුත් නාෂොන්ගේ පඬුර වූයේ එයයි.
18දෙවන දවසේ සූවාර්ගේ පුත් ඉස්සාකර් නායක නෙතනේල් තම පඬුර ගෙනාවේ ය.
19ඔහු ගෙන ආ පඬුර වූයේ,
ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටි පුරවන ලද ශුද්ධස්ථානයේ සම්මත මිම්මට අනුව ෂෙකෙල් එකසිය තිහක් බරැති රිදී පිඟානක් හා ෂෙකෙල් හැත්තෑවක් බරැති රිදී පාත්‍රයක් ද
20සුවඳ ද්‍රව්‍ය පුරවන ලද ෂෙකෙල් දහයක් බරැති රන් දීසියක් ද
21දවන යාග පූජාවක් සඳහා ගොන් වස්සකු, බැටළුවකු හා එක් අවුරුදු බැටළු පැටවකු ද
22පාප පූජාවක් සඳහා එළුවකු ද
23ශාන්ති පූජාවක් කොට පූජා කරනු සඳහා ගවයින් දෙදෙනකු, බැටළුවන් පස් දෙනකු, එළුවන් පස් දෙනකු හා එක් අවුරුදු බැටළු පැටවුන් පස් දෙනකු ද වේ.
සූවාර්ගේ පුත් නෙතනේල්ගේ පඬුර වූයේ එයයි.
24තුන් වන දවසේ හේලොන්ගේ පුත්‍ර වූ, සාබුලොන්ගේ පුත්‍රයන්ගේ නායක එලියාබ් තම පඬුර ගෙනාවේ ය.
25ඔහුගේ පඬුර වූයේ,

26සුවඳ ද්‍රව්‍ය පුරවන ලද ෂෙකෙල් දහයක් බරැති රන් දීසියක් ද
27දවන යාග පූජාවක් සඳහා ගොන් වස්සකු, බැටළුවකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවකු ද
28පාප පූජාවක් සඳහා එළුවකු ද
29ශාන්ති පූජාවක් කොට පූජා කරනු සඳහා ගවයින් දෙදෙනකු, බැටළුවන් පස් දෙනකු, එළුවන් පස් දෙනකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවුන් පස් දෙනකු ද වේ.
හේලොන්ගේ පුත් එලියාබ්ගේ පඬුර වූයේ එයයි.
30හතර වන දවසේ, ෂෙදෙවූර්ගේ පුත්‍ර රූබෙන්ගේ පුත්‍රයන්ගේ නායක එලිසූර් තම පඬුර ගෙනාවේ ය.
31ඔහුගේ පඬුර වූයේ,

32සුවඳ ද්‍රව්‍ය පුරවන ලද ෂෙකෙල් දහයක් බරැති රන් දීසියක් ද
33දවන යාග පූජාවක් සඳහා ගොන් වස්සකු, බැටළුවකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවකු ද
34පාප පූජාවක් සඳහා එළුවකු ද
35ශාන්ති පූජාවක් වශයෙන් පූජා කරනු සඳහා ගවයින් දෙදෙනකු, බැටළුවන් පස් දෙනකු, එළුවන් පස් දෙනකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවුන් පස් දෙනකු ද වේ.
ෂෙදෙවූර්ගේ පුත් එලිසූර්ගේ පඬුර වූයේ එයයි.
36පස් වන දවසේ, සූරිෂද්දයිගේ පුත්‍ර වූ සිමියොන්ගේ පුත්‍රයන්ගේ නායක ෂෙලුමියෙල් තම පඬුර ගෙනාවේ ය.
37ඔහුගේ පඬුර වූයේ,

38සුවඳ ද්‍රව්‍ය පුරවන ලද ෂෙකෙල් දහයක් බරැති රන් දීසියක් ද
39දවන යාග පූජාවක් සඳහා ගොන් වස්සකු, බැටළුවකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවකු ද
40පාප පූජාවක් සඳහා එළුවකු ද
41ශාන්ති පූජාවක් වශයෙන් පූජා කරනු සඳහා ගවයින් දෙදෙනකු, බැටළුවන් පස් දෙනකු, එළුවන් පස් දෙනකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවුන් පස් දෙනකු ද වේ.
සූරිෂද්දයිගේ පුත් ෂෙලුමියෙල්ගේ පඬුර වූයේ එයයි.
42හය වැනි දවසේ දෙවූයෙල්ගේ පුත්‍ර ගාද්ගේ පුත්‍රයන්ගේ නායක එලියාසාෆ් තම පඬුර ගෙනාවේ ය.
43ඔහුගේ පඬුර වූයේ,

44සුවඳ ද්‍රව්‍ය පුරවන ලද ෂෙකෙල් දහයක් බරැති රන් දීසියක් ද
45දවන යාග පූජාවක් සඳහා ගොන් වස්සකු, බැටළුවකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවකු ද
46පාප පූජාවක් සඳහා එළුවකු ද
47ශාන්ති පූජාවක් කොට පූජා කරනු සඳහා ගවයින් දෙදෙනකු, බැටළුවන් පස් දෙනකු, එළුවන් පස් දෙනකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවුන් පස් දෙනකු ද වේ.
දෙවූයෙල්ගේ පුත් එලියාසාෆ්ගේ පඬුර වූයේ එයයි.
48හත් වන දවසේ අම්මිහුද්ගේ පුත්‍ර, එප්‍රායිම්ගේ පුත්‍රයන්ගේ නායක එලිෂාමා තම පඬුර ගෙනාවේ ය.
49ඔහුගේ පඬුර වූයේ,

50සුවඳ ද්‍රව්‍ය පුරවන ලද ෂෙකෙල් දහයක් බරැති රන් දීසියක් ද
51දවන යාග පූජාවක් සඳහා ගොන් වස්සකු, බැටළුවකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවකු ද
52පාප පූජාවක් සඳහා එළුවකු ද
53ශාන්ති පූජාවක් වශයෙන් පූජා කරනු සඳහා ගවයින් දෙදෙනකු, බැටළුවන් පස් දෙනකු, එළුවන් පස් දෙනකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවුන් පස් දෙනකු ද වේ.
අම්මිහුද්ගේ පුත් එලිෂාමාගේ පඬුර වූයේ එයයි.
54අට වන දවසේ පෙදාසූර්ගේ පුත්‍ර මනස්සේගේ පුත්‍රයන්ගේ නායක ගමාලියෙල් තම පඬුර ගෙනාවේ ය.
55ඔහුගේ පඬුර වූයේ,

56සුවඳ ද්‍රව්‍ය පුරවන ලද ෂෙකෙල් දහයක් බරැති රන් දීසියක් ද
57දවන යාග පූජාවක් සඳහා ගොන් වස්සකු, බැටළුවකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවකු ද
58පාප පූජාවක් සඳහා එළුවකු ද
59ශාන්ති පූජාවක් වශයෙන් පූජා කරනු සඳහා ගවයින් දෙදෙනකු, බැටළුවන් පස් දෙනකු, එළුවන් පස් දෙනකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවුන් පස් දෙනකු ද වේ.
පෙදාසූර්ගේ පුත් ගමාලියෙල්ගේ පඬුර වූයේ එයයි.
60නව වන දවසේ ගිදෙයොනීගේ පුත්‍ර බෙන්යමින්ගේ පුත්‍රයන්ගේ නායක අබිදාන් තම පඬුර ගෙනාවේ ය.
61ඔහුගේ පඬුර වූයේ,

62සුවඳ ද්‍රව්‍ය පුරවන ලද ෂෙකෙල් දහයක් බරැති රන් දීසියක් ද
63දවන යාග පූජාවක් සඳහා ගොන් වස්සකු, බැටළුවකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවකු ද
64පාප පූජාවක් සඳහා එළුවකු ද
65ශාන්ති පූජාවක් වශයෙන් පූජා කරනු සඳහා ගවයින් දෙදෙනකු, බැටළුවන් පස් දෙනකු, එළුවන් පස් දෙනකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවුන් පස් දෙනකු ද වේ.
ගිදෙයොනීගේ පුත් අබිදාන්ගේ පඬුර වූයේ එයයි.
66දහ වන දවසේ අම්මිෂද්දයිගේ පුත්‍ර, දාන්ගේ පුත්‍රයන්ගේ නායක අහියේසෙර් තම පඬුර ගෙනාවේ ය.
67ඔහුගේ පඬුර වූයේ,

68සුවඳ ද්‍රව්‍ය පුරවන ලද ෂෙකෙල් දහයක් බරැති රන් දීසියක් ද
69දවන යාග පූජාවක් සඳහා ගොන් වස්සකු, බැටළුවකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවකු ද
70පාප පූජාවක් සඳහා එළුවකු ද
71ශාන්ති පූජාවක් වශයෙන් පූජා කරනු සඳහා ගවයින් දෙදෙනකු, බැටළුවන් පස් දෙනකු, එළුවන් පස් දෙනකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවුන් පස් දෙනකු ද වේ.
අම්මිෂද්දයිගේ පුත් අහියේසෙර්ගේ පඬුර වූයේ එයයි.
72එකොළොස් වන දවසේ ඔක්‍රාන්ගේ පුත්‍ර ආෂෙර්ගේ පුත්‍රයන්ගේ නායක පගියෙල් තම පඬුර ගෙනාවේ ය.
73ඔහුගේ පඬුර වූයේ,

74සුවඳ ද්‍රව්‍ය පුරවන ලද ෂෙකෙල් දහයක් බරැති රන් දීසියක් ද
75දවන යාග පූජාවක් සඳහා ගොන් වස්සකු, බැටළුවකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවකු ද
76පාප පූජාවක් සඳහා එළුවකු ද
77ශාන්ති පූජාවක් වශයෙන් පූජා කරනු සඳහා ගවයින් දෙදෙනකු, බැටළුවන් පස් දෙනකු, එළුවන් පස් දෙනකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවුන් පස් දෙනකු ද වේ.
ඔක්‍රාන්ගේ පුත් පගියෙල්ගේ පඬුර වූයේ එයයි.
78දොළොස් වන දවසේ ඒනාන්ගේ පුත්‍ර නෆ්තලීගේ පුත්‍රයන්ගේ නායක අහිරා තම පඬුර ගෙනාවේ ය.
79ඔහුගේ පඬුර වූයේ,

80සුවඳ ද්‍රව්‍ය පුරවන ලද ෂෙකෙල් දහයක් බරැති රන් දීසියක් ද
81දවන යාග පූජාවක් සඳහා ගොන් වස්සකු, බැටළුවකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවකු ද
82පාප පූජාවක් සඳහා එළුවකු ද
83ශාන්ති පූජාවක් වශයෙන් පූජා කරනු සඳහා ගවයින් දෙදෙනකු, බැටළුවන් පස් දෙනකු, එළුවන් පස් දෙනකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවුන් පස් දෙනකු ද වේ.
ඒනාන්ගේ පුත් අහිරාගේ පඬුර වූයේ එයයි.
84පූජාසනය ආලේප කළ අවස්ථාවේ එය කැප කිරීම උදෙසා වූ ඉශ්‍රායෙල් නායකයින්ගේ පඬුරු ඒවා ය:
එනම්, රිදී පිඟන් දොළොසක්, ලේ ඉසීමේ රිදී පාත්‍ර දොළොසක් හා රන් දීසි දොළොසකි. 85එම එක් එක් රිදී පිඟානක බර ෂෙකෙල් එකසිය තිහකි. එක් එක් රිදී පාත්‍රයක බර ෂෙකෙල් හැත්තෑවකි. ඒ හැම රිදී බඳුන්වල මුළු බර ශුද්ධස්ථානයේ සම්මත මිම්මට අනුව ෂෙකෙල් දෙදහස් හාරසියයකි. 86සුවඳ ද්‍රව්‍ය පුරවා තිබූ රන් දීසි දොළොසෙහි බර ශුද්ධස්ථානයේ සම්මත මිම්මට අනුව, එකක් ෂෙකෙල් දහය බැගිනි. රන් දීසිවල මුළු බර ෂෙකෙල් එකසිය විස්සකි.
87දවන යාග පූජාව සඳහා වූ මුළු සතුන් ගණන, ගොන් වස්සන් දොළොස් දෙනෙක් ද බැටළුවන් දොළොස් දෙනෙක් ද එක් අවුරුදු පිරිමි බැටළු පැටවුන් දොළොස් දෙනෙක් ද වූහ. ඒ සමඟ එහි ධාන්‍ය පූජාව ද විය. පාප පූජාව සඳහා එළුවන් දොළොස් දෙනෙක් වූහ. 88ශාන්ති පූජාව සඳහා යාග කරන සතුන්ගේ මුළු ගණන, ගවයින් විසිහතර දෙනෙකි; බැටළුවන් හැට දෙනෙකි; එළුවන් හැට දෙනෙකි; එක් අවුරුදු පිරිමි බැටළු පැටවුන් හැට දෙනෙකි.
පූජාසනය ආලේප කරන ලද පසු එය කැප කිරීම සඳහා වූ පඬුරු ඒවා ය.
89 ස්වාමින්වහන්සේ සමඟ කතා කිරීමට මෝසෙස් හමුවීමේ කූඩාරමට පිවිසි කල, සාක්ෂි කරඬුව මත කරුණාසනයට#7:89 කරුණාසනයට හෙවත් පාප වන්දි නිවාරණ වැස්මට ඉහළින් කෙරුබ්වරුන් දෙදෙනා අතරින් තමා අමතන කටහඬක් ඔහුට ඇසිණි. උන්වහන්සේ ඔහු සමඟ කතා කළ සේක.
Currently Selected:
ගණන් 7: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: