ගණන් 7:1-41
ගණන් 7:1-41 SCV
මෝසෙස් මණ්ඩපය ඉදි කොට නිම වූ දවසේ ම, ඔහු එය සහ එහි සියලු බඩු බාහිරාදිය ආලේප කොට, කැප කළේ ය; තවද ඔහු පූජාසනය සහ ඊට අයත් උපකරණ ද ආලේප කොට, කැප කළේ ය. ඉන්පසු සංගණනය කරනු ලැබූ ජනයාට ඉහළින් සිටි ගෝත්‍ර නායකයින් වූ ඉශ්‍රායෙල් නායකයින් වන පියවංශ ප්‍රධානීහු පුද පඬුරු පූජා කළහ. ඔවුහු තම පඬුරු වශයෙන්, ආවරණ කරන ලද කරත්ත හයක් හා ගවයින් දොළොස් දෙනකු ස්වාමින්වහන්සේ වෙත ගෙන ආහ. නායකයින් දෙදෙනකුට එක කරත්තය බැගිනි; එක් එක් කෙනාට එක ගවයකු බැගිනි. ඔවුහු ඒවා මණ්ඩපය ඉදිරියට ගෙන ආහ. එවිට ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “මේවා ඔවුන්ගෙන් බාර ගන්න; හමුවීමේ කූඩාරමේ ප්‍රයෝජනයට ඒවා ගත හැකි වෙයි. ඒ එක් එක් කෙනාගේ සේවා අවැසිතා අනුව, ඒවා ලෙවීවරුනට දෙන්නැ” යි පැවසූ සේක. එබැවින් මෝසෙස් එම කරත්ත හා ගවයින් බාරගෙන ලෙවීවරුනට දුන්නේ ය. ගෙර්ෂොන්ගේ පුත්‍රයන්ට, ඔවුන්ගේ සේවා අවැසිතා අනුව කරත්ත දෙකක් හා ගවයින් සිවු දෙනකු ද මෙරාරීගේ පුත්‍රයන්ට ඔවුන්ගේ සේවා අවැසිතා අනුව කරත්ත හතරක් හා ගවයින් අටදෙනකු ද දුන්නේ ය. ඒ සැවොම පූජක ආරොන්ගේ පුත් ඊතාමර්ගේ අධීක්ෂණය යටතේ සිටින්නවුන් ය. එහෙත් කොහාත්ගේ පුත්‍රයන්ගේ වගකීම වූයේ, ශුද්ධ භාණ්ඩ ඔවුන්ගේ කර පිට තබා, ඔසවාගෙන යෑම වූ බැවින් මෝසෙස් ඔවුනට ඒ එකකුදු දුන්නේ නැත. පූජාසනය ආලේප කරනු ලැබූ කල, නායකයෝ එය කැප කිරීම උදෙසා තම පඬුරු ගෙනැවිත්, පූජාසනය ඉදිරියේ ඒවා පිළිගැන් වූහ. මන්ද, “එක් එක් දවසට එක් එක් නායකයා තම තමාගේ පඬුරු පූජාසනය කැප කිරීම උදෙසා ගෙන ආ යුතු යැ” යි ස්වාමින්වහන්සේ මෝසෙස්ට පවසා තිබූ හෙයිනි. මුල් දවසේ තම පඬුර ගෙන ආවේ යූදා ගෝත්‍ර වංශයේ අම්මිනාදාබ්ගේ පුත් නාෂොන් ය. ඔහුගේ පඬුර වූයේ, ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටි පුරවන ලද ශුද්ධස්ථානයේ සම්මත මිම්මට අනුව, ෂෙකෙල් එකසිය තිහක් බරැති රිදී පිඟානක් හා ෂෙකෙල් හැත්තෑවක් බරැති රිදී පාත්‍රයක් ද සුවඳ ද්‍රව්‍ය පුරවන ලද ෂෙකෙල් දහයක් බරැති රන් දීසියක් ද දවන යාග පූජාවක් සඳහා ගොන් වස්සකු, බැටළුවකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවකු ද පාප පූජාවක් සඳහා එළුවකු ද ශාන්ති පූජාවක් වශයෙන් පූජා කරනු සඳහා ගවයින් දෙදෙනකු, බැටළුවන් පස් දෙනකු, එළුවන් පස් දෙනකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවුන් පස් දෙනකු ද වේ. අම්මිනාදාබ්ගේ පුත් නාෂොන්ගේ පඬුර වූයේ එයයි. දෙවන දවසේ සූවාර්ගේ පුත් ඉස්සාකර් නායක නෙතනේල් තම පඬුර ගෙනාවේ ය. ඔහු ගෙන ආ පඬුර වූයේ, ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටි පුරවන ලද ශුද්ධස්ථානයේ සම්මත මිම්මට අනුව ෂෙකෙල් එකසිය තිහක් බරැති රිදී පිඟානක් හා ෂෙකෙල් හැත්තෑවක් බරැති රිදී පාත්‍රයක් ද සුවඳ ද්‍රව්‍ය පුරවන ලද ෂෙකෙල් දහයක් බරැති රන් දීසියක් ද දවන යාග පූජාවක් සඳහා ගොන් වස්සකු, බැටළුවකු හා එක් අවුරුදු බැටළු පැටවකු ද පාප පූජාවක් සඳහා එළුවකු ද ශාන්ති පූජාවක් කොට පූජා කරනු සඳහා ගවයින් දෙදෙනකු, බැටළුවන් පස් දෙනකු, එළුවන් පස් දෙනකු හා එක් අවුරුදු බැටළු පැටවුන් පස් දෙනකු ද වේ. සූවාර්ගේ පුත් නෙතනේල්ගේ පඬුර වූයේ එයයි. තුන් වන දවසේ හේලොන්ගේ පුත්‍ර වූ, සාබුලොන්ගේ පුත්‍රයන්ගේ නායක එලියාබ් තම පඬුර ගෙනාවේ ය. ඔහුගේ පඬුර වූයේ, ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටි පුරවන ලද ශුද්ධස්ථානයේ සම්මත මිම්මට අනුව ෂෙකෙල් එකසිය තිහක් බරැති රිදී පිඟානක් හා ෂෙකෙල් හැත්තෑවක් බරැති රිදී පාත්‍රයක් ද සුවඳ ද්‍රව්‍ය පුරවන ලද ෂෙකෙල් දහයක් බරැති රන් දීසියක් ද දවන යාග පූජාවක් සඳහා ගොන් වස්සකු, බැටළුවකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවකු ද පාප පූජාවක් සඳහා එළුවකු ද ශාන්ති පූජාවක් කොට පූජා කරනු සඳහා ගවයින් දෙදෙනකු, බැටළුවන් පස් දෙනකු, එළුවන් පස් දෙනකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවුන් පස් දෙනකු ද වේ. හේලොන්ගේ පුත් එලියාබ්ගේ පඬුර වූයේ එයයි. හතර වන දවසේ, ෂෙදෙවූර්ගේ පුත්‍ර රූබෙන්ගේ පුත්‍රයන්ගේ නායක එලිසූර් තම පඬුර ගෙනාවේ ය. ඔහුගේ පඬුර වූයේ, ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටි පුරවන ලද ශුද්ධස්ථානයේ සම්මත මිම්මට අනුව ෂෙකෙල් එකසිය තිහක් බරැති රිදී පිඟානක් හා ෂෙකෙල් හැත්තෑවක් බරැති රිදී පාත්‍රයක් ද සුවඳ ද්‍රව්‍ය පුරවන ලද ෂෙකෙල් දහයක් බරැති රන් දීසියක් ද දවන යාග පූජාවක් සඳහා ගොන් වස්සකු, බැටළුවකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවකු ද පාප පූජාවක් සඳහා එළුවකු ද ශාන්ති පූජාවක් වශයෙන් පූජා කරනු සඳහා ගවයින් දෙදෙනකු, බැටළුවන් පස් දෙනකු, එළුවන් පස් දෙනකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවුන් පස් දෙනකු ද වේ. ෂෙදෙවූර්ගේ පුත් එලිසූර්ගේ පඬුර වූයේ එයයි. පස් වන දවසේ, සූරිෂද්දයිගේ පුත්‍ර වූ සිමියොන්ගේ පුත්‍රයන්ගේ නායක ෂෙලුමියෙල් තම පඬුර ගෙනාවේ ය. ඔහුගේ පඬුර වූයේ, ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටි පුරවන ලද ශුද්ධස්ථානයේ සම්මත මිම්මට අනුව ෂෙකෙල් එකසිය තිහක් බරැති රිදී පිඟානක් හා ෂෙකෙල් හැත්තෑවක් බරැති රිදී පාත්‍රයක් ද සුවඳ ද්‍රව්‍ය පුරවන ලද ෂෙකෙල් දහයක් බරැති රන් දීසියක් ද දවන යාග පූජාවක් සඳහා ගොන් වස්සකු, බැටළුවකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවකු ද පාප පූජාවක් සඳහා එළුවකු ද ශාන්ති පූජාවක් වශයෙන් පූජා කරනු සඳහා ගවයින් දෙදෙනකු, බැටළුවන් පස් දෙනකු, එළුවන් පස් දෙනකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවුන් පස් දෙනකු ද වේ. සූරිෂද්දයිගේ පුත් ෂෙලුමියෙල්ගේ පඬුර වූයේ එයයි.



