YouVersion Logo
Search Icon

ගණන් 6:1-8

ගණන් 6:1-8 SCV

ස්වාමින්වහන්සේ මෝසෙස්ට මෙසේ කී සේක; “ඉශ්‍රායෙල් ජනයා අමතා, ඔවුන්ට මෙසේ කියන්න: ‘යම් මිනිසෙක් හෝ කාන්තාවක් විශේෂ බාරයක් වී, නසිරීයයකු ලෙස ස්වාමින්වහන්සේට වෙන් වී, කැපවන්නේ නම්, ඒ අය මිදි යුෂ හා වෙනත් මත්පැන්වලින් වැළකී සිටිය යුතු ය. මිදි යුෂ හෝ වෙනත් මත්පැන් වර්ගයකින් තැනූ විනාකිරි කාඩි ද පානය නො කළ යුතු ය. ඒ අය මිදි යුෂ පානය නො කළ යුතු ය. අමු මිදි හෝ වියළි මිදි අහරට නො ගත යුතු ය. නසිරීයයකු වශයෙන් සිටින තාක් කල් ඒ අය මිදි වැලෙන් උපදන කිසිවක් හෝ දිව නො ගෑ යුතු ය; මිදි ගෙඩියේ ඇට හෝ ලෙල්ල හෝ පවා නො කෑ යුතු ය. “ ‘වෙන් ව සිටීමේ ඔහුගේ බාරයේ නියමිත කාල සීමාව මුළුල්ලේ ඔහුගේ හිස කෙස් නො කැපිය යුතු ය. ස්වාමින්වහන්සේට වෙන් ව, කැප ව සිටීමේ කාල සීමාව ගෙවෙන තෙක්, ඔහු ශුද්ධ ව සිටිය යුතු ය. ඔහු තම හිස කෙස් දිගට වැඩෙන්නට හැරිය යුතු ය. “ ‘ස්වාමින්වහන්සේට වෙන් ව, කැප ව සිටීමේ කාලය මුළුල්ලේ ඔහු මළ සිරුරක් අසලකට නො ගිය යුතු ය. ඔහුගේ පියා හෝ මව හෝ සහෝදර, සහෝදරියක මිය ගියේ වුව ද, ඔවුන් හේතු කොට ඔහු අපවිත්‍ර නො විය යුතු ය. මන්ද දෙවියන්වහන්සේට වෙන් ව කැප ව සිටීමේ සලකුණ ඔහුගේ හිසෙහි වන බැවිනි. වෙන් ව සිටීමේ ඔහුගේ කාල සීමාව පුරා ඔහු ස්වාමින්වහන්සේට කැප කරන ලදුව සිටී.