YouVersion Logo
Search Icon

ගණන් 32:10-14

ගණන් 32:10-14 SCV

ඒ දවසේ ස්වාමින්වහන්සේගේ කෝපය ඇවිළී, උන්වහන්සේ මෙසේ ශපථ කරමින්, දිවුළ සේක: ‘මොවුන් මුළු හදින් ම මා අනුගමන නො කළ නිසා, ඊජිප්තුවෙන් පිටත් ව ආ විසි වියැති වූත් ඊට වැඩි වූත් කිසිදු පිරිමියකු ආබ්‍රහම්ටත්, ඊසාක්ටත්, යාකොබ්ටත් මා දිවුරා පොරොන්දු වූ දේශය දකින්නේ නැත. කෙනිස්සීය යෙෆුන්නෙගේ පුත් කාලෙබ් සහ නූන්ගේ පුත් යෝෂුවා මුළු හදින් ස්වාමින්වහන්සේ අනුගමන කළ බැවින්, ඔවුන් හැර, අන් කිසිවකුත් ඒ දේශය දකින්නේ නැත.’ ස්වාමින්වහන්සේගේ කෝපය ඉශ්‍රායෙල්වරුනට එරෙහිව ඇවුළුණේ ය. එබැවින් දුෂ්ටකම් කළ ඒ මුළු පරම්පරාව ම වැනසී යන තෙක්, හතළිස් වසරක් ම ඉශ්‍රායෙල්වරුනට පාළුකරයේ මංමුළා ව යෑමට උන්වහන්සේ සැලසූ සේක. “මෙන්න! දැන් නුඹලා පව්කාර පැටවුන් රංචුවක් ව, නුඹලාගේ පියවරුන්ගේ තැන ගෙන මෙතැන සිටගෙන, ඉශ්‍රායෙල් ජනයාට එරෙහිව වඩ වඩාත් ස්වාමින්වහන්සේ උරණ කරවමින්