YouVersion Logo
Search Icon

ගණන් 27:1-11

ගණන් 27:1-11 SCV

මනස්සේගේ පුත් මාකීර්ගේ පුත්‍ර ගිලියාද්ගේ පුත්‍රයා වන හේෆෙර්ගේ පුත් වූ සෙලොෆෙහාද්ගේ දූවරු අයත් වූයේ, යෝසෙප්ගේ පුත් මනස්සේගේ පෙළපත්වලට ය. නාම වශයෙන් ඔවුහු මාලා, නොවා, හොග්ලා, මිල්කා හා තිර්සා ය. ඔවුහු ඉදිරියට පැමිණ, හමුවීමේ කූඩාරම් දොරකඩ මෝසෙස් ද පූජක එලෙයාසර් ද ජන ප්‍රධානීන් හා මුළු ප්‍රජා හමුව ද අබියස සිට කතා කොට, “අපේ පියා පාළුකරයේදී මිය ගියා. ස්වාමින්වහන්සේට එරෙහිව කල්ලි ගැසුණු කෝරාගේ පිරිස අතර ඔහු සිටියේ නැහැ. තමාගේ ම පාපය නිසා මිය ගිය ඔහුට පුතුන් සිටියේ නැහැ. ඔහුට පුතුන් නො සිටි හේතුවෙන්, අප පියාගේ නම ඔහුගේ පෙළපතින් මැකී යා යුත්තේ ඇයි? අප පියාගේ සහෝදරයින් අතරේ අපට උරුමයක් දෙන්නැ” යි කීහ. එබැවින් මෝසෙස් ඔවුන්ගේ ඉල්ලීම ස්වාමින්වහන්සේ ඉදිරියට ගෙනාවේ ය. ස්වාමින්වහන්සේ ඔහු ඇමතූ සේක්, “සෙලොෆෙහාද්ගේ දූවරුන් කියන දේ හරි. ඔවුන්ගේ පියාගේ සහෝදරයින් අතරේ උරුමයක් කොට, දේපළක් නියතයෙන් ම ඔබ ඔවුනට දී, ඔවුන්ගේ පියාගේ උරුමය ඔවුන් වෙත පැවරිය යුතු ය. “ඉශ්‍රායෙල්වරුනට මෙසේ කියන්න: ‘යම් මිනිසකු පුතකු නො ලැබ මළොත්, ඔහුගේ උරුමය ඔහුගේ දියණියට දිය යුතු ය. ඔහුට දියණියක නැති නම්, ඔහුගේ උරුමය ඔහුගේ සහෝදරයින්ට දිය යුතු ය. ඔහුට සහෝදරයින් නැති නම්, ඔහුගේ උරුමය ඔහුගේ පියාගේ සහෝදරයින්ට ය. ඔහුගේ පියාට සහෝදරයින් නැති නම්, ඔහුගේ උරුමය ඔහුගේ පෙළපතේ සිටින ළඟ ම නෑයාට ය. ඒ නෑයාට එය අයිති වනු ඇත. ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි, මෙය ඉශ්‍රායෙල් ජනතාවට නීතියක් හා නියමයකි’ යි” පැවසූ සේක.

Video for ගණන් 27:1-11

Free Reading Plans and Devotionals related to ගණන් 27:1-11