YouVersion Logo
Search Icon

ගණන් 26

26
දෙවන සංගණනය
1වසංගතයෙන් පසු, ස්වාමින්වහන්සේ මෝසෙස්ට හා ආරොන්ගේ පුත්‍ර පූජක එලෙයාසර්ට කතා කොට, 2“මුළු ඉශ්‍රායෙල් ජන සමාජයේ, එනම් ඉශ්‍රායෙල් හමුදා සේවයේ යෙදිය හැකි, විසි වියැති හා ඊට වැඩි වයස් වූ සියල්ලන් ඔවුන්ගේ පියවංශ අනුව, සංගණනයක් ගන්නැ” යි පැවසූ සේක. 3එවිට, යෙරිකෝවෙන් මෙපිට යොර්දාන් ගඟබඩ මෝවබ් තැන්නේදී, මෝසෙස් හා පූජක එලෙයාසර් ජනයාට කතා කොට, 4ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි, විසි වියැති හා ඊට වැඩි වයස් වූ පිරිමින්ගේ සංගණනයක් ගන්නැ” යි කීහ.
ඊජිප්තුවෙන් පිටතට පැමිණි ඉශ්‍රායෙල්වරු මොවුහු ය.
5ඉශ්‍රායෙල්ගේ කුලුඳුල් පුත් රූබෙන්ගෙන් පැවත එන්නෝ; රූබෙන් පුත්‍රයෝ:
හනොක්ගෙන් පැවත එන හනොකී පෙළපත;
පල්ලුගෙන් පැවත එන පල්ලුවී පෙළපත;
6හෙස්රොන්ගෙන් පැවත එන හෙස්රොනී පෙළපත හා
කර්මීගෙන් පැවත එන කර්මී පෙළපත.
7රූබෙන්වරුන්ගේ පෙළපත් ඒවා ය; ඔවුන් අතරින් ගණන් ගන්නා ලද්දෝ හතළිස් තුන්දහස් හත්සිය තිස් දෙනෙකි.
8පල්ලුගේ පුත්‍රයා එලියාබ් ය; 9එලියාබ්ගේ පුතුන්: නෙමුවෙල්, දාතාන් හා අබිරාම්. මෝසෙස්ට හා ආරොන්ට එරෙහිව කැරලි ගැසූ ප්‍රජා නිලධාරීන් වූයේ, මෙම දාතාන් හා අබිරාම් ය. කෝරාගේ පිරිස ස්වාමින්වහන්සේට එරෙහිව කැරලි ගැසූ කල්හි, ඔවුන් අතරේ ද මොවුහු දෙදෙනා වූහ. 10පොළොව මුව විවර කොට, කෝරා සමඟ ඔවුන් ද ගිලගනු ලැබී ය. මිනිසුන් දෙසිය පනස් දෙනා ගින්නෙන් දැවී ගිය කල, කෝරාගේ පිරිස ද මළහ. ඔවුහු අනතුරු ඇඟවීමේ ලකුණක් වූහ. 11කෙසේ වුව ද කෝරාගේ පෙළපත නැසී ගියේ නැත.
12තමන්ගේ පෙළපත් අනුව සිමියොන්ගෙන් පැවත එන්නෝ:
නෙමුවෙල්ගෙන් පැවත එන නෙමුවෙලී පෙළපත;
යාමීන්ගෙන් පැවත එන යාමිනී පෙළපත;
යාකින්ගෙන් පැවත එන යාකිනී පෙළපත;
13සෙරාගෙන් පැවත එන සර්හී පෙළපත;
ෂාවුල්ගෙන් පැවත එන ෂාවුලී පෙළපත.
14සිමියොන් පෙළපත් ඒවා ය. ඔවුහු විසිදෙදහස් දෙසිය දෙනෙකි.
15තමන්ගේ පෙළපත් අනුව ගාද්ගෙන් පැවත එන්නෝ:
සෙෆොන්ගෙන් පැවත එන සෙ‍ෆොනී පෙළපත;
හග්ගීගෙන් පැවත එන හග්ගී පෙළපත;
ෂූනීගෙන් පැවත එන ෂූනී පෙළපත;
16ඔස්නීගෙන් පැවත එන ඔස්නී පෙළපත.
ඒරීගෙන් පැවත එන ඒරී පෙළපත.
17අරෝද්ගෙන් පැවත එන අරෝදී පෙළපත;
අර්යේලීගෙන් පැවත එන අර්යේලී පෙළපත.
18ගාද් පෙළපත් ඒවා ය. ඔවුන් අතරින් ගණන් ගන්නා ලද්දෝ හතළිස්දහස් පන්සිය දෙනෙකි.
19ඒර් සහ ඕනාන් ද යූදාගේ පුතුන් වූ නමුදු, ඔවුහු කානාන් දේශයේදී මළහ.
20තමන්ගේ පෙළපත් අනුව යූදාගෙන් පැවත එන්නෝ:
ෂේලාගෙන් පැවත එන ෂේලානී පෙළපත;
පෙරෙස්ගෙන් පැවත එන පර්සී පෙළපත;
සෙරාගෙන් පැවත එන සර්හී පෙළපත;
21පෙරෙස්ගෙන් පැවත එන්නෝ;
හෙස්රොන්ගෙන් පැවත එන හෙස්රොනී පෙළපත හා
හාමූල්ගෙන් පැවත එන හාමූලී පෙළපත.
22යූදා පෙළපත් ඒවා ය. ගණන් ගන්නා ලද්දෝ හැත්තෑ හයදහස් පන්සිය දෙනෙකි.
23තමන්ගේ පෙළපත් අනුව, ඉස්සාකර්ගෙන් පැවත එන්නෝ:
‍තෝලාගෙන් පැවත එන තෝලාවී පෙළපත;
පූවාගෙන් පැවත එන පූනී පෙළපත;
24යාෂුබ්ගෙන් පැවත එන යාෂුබී පෙළපත;
ෂිම්රෝන්ගෙන් පැවත එන ෂිම්රොනී පෙළපත.
25ඉස්සාකර් පෙළපත් ඒවා ය. ගණන් ගන්නා ලද්දෝ හැට හතරදහස් තුන්සිය දෙනෙකි.
26තමන්ගේ පෙළපත් අනුව සාබුලොන්ගෙන් පැවත එන්නෝ:
සෙරෙද්ගෙන් පැවත එන සර්දී පෙළපත;
ඒලොන්ගෙන් පැවත එන ඒලොනී පෙළපත;
යාලෙයෙල්ගෙන් පැවත එන යාලෙයෙලී පෙළපත.
27සාබුලොන් පෙළපත් ඒවා ය. ගණන් ගන්නා ලද්දෝ හැට දහස් පන්සිය දෙනෙකි.
28තමන්ගේ පෙළපත් අනුව මනස්සේ හා එප්‍රායිම් තුළින් යෝසෙප්ගෙන් පැවත එන්නෝ:
29මනස්සේගෙන් පැවත එන්නෝ:
මාකීර්ගෙන් පැවත එන මාකීරී පෙළපත (මාකීර්, ගිලියාද්ගේ පියා ය);
ගිලියාද්ගෙන් පැවත එන ගිලියාදී පෙළපත;
30ගිලියාද්ගෙන් පැවත එන්නෝ:
ඊයෙසෙර්ගෙන් පැවත එන ඊයෙස්රී පෙළපත;
හේලෙක්ගෙන් පැවත එන හෙල්කී පෙළපත;
31අස්රියෙල්ගෙන් පැවත එන අස්රියෙලී පෙළපත;
ෂෙකෙම්ගෙන් පැවත එන ෂික්මී පෙළපත;
32ෂෙමීදාගෙන් පැවත එන ෂෙමීදාවී පෙළපත;
හේෆෙර්ගෙන් පැවත එන හෙෆ්රී පෙළපත.
33හේෆෙර්ගේ පුත් සෙලොෆෙහාද්ට පුතුන් සිටියේ නැත. ඔහුට සිටියේ දූවරුන් පමණි. මාලා, නොවා, හොග්ලා, මිල්කා හා තිර්සා යනු ඔවුන්ගේ නාම වෙයි.
34මනස්සේ පෙළපත් ඒවා ය. ගණන් ගන්නා ලද්දෝ පනස් දෙදහස් හත්සිය දෙනෙකි.
35තමන්ගේ පෙළපත් අනුව, එප්‍රායිම්ගෙන් පැවත එන්නෝ:
ෂුතෙලාගෙන් පැවත එන ෂුතල්ලී පෙළපත;
බෙකෙර්ගෙන් පැවත එන බක්‍රී පෙළපත;
තහන්ගෙන් පැවත එන තහනී පෙළපත;
36ෂුතෙලාගෙන් පැවත එන්නෝ:
එරාන්ගෙන් පැවත එන එරානී පෙළපත;
37එප්‍රායිම් පෙළපත් ඒවා ය. ගණන් ගන්නා ලද්දෝ තිස්දෙදහස් පන්සිය දෙනෙකි;
ඔවුන්ගේ පෙළපත් අනුව යෝසෙප්ගෙන් පැවත එන්නෝ ඔවුහු ය.
38තමන්ගේ පෙළපත් අනුව බෙන්යමින්ගෙන් පැවත එන්නෝ:
බෙලාගෙන් පැවත එන බල්වී පෙළපත;
අෂ්බෙල්ගෙන් පැවත එන අෂ්බෙලී පෙළපත;
අහිරාම්ගෙන් පැවත එන අහිරාමී පෙළපත;
39ෂෙෆුෆාම්ගෙන් පැවත එන ෂුෆාමී පෙළපත;
හුෆාම්ගෙන් පැවත එන හුෆාමී පෙළපත.
40අර්ද් සහ නාමාන් තුළින්, බෙලාගෙන් පැවත එන්නෝ:
අර්ද්ගෙන් පැවත එන අර්දී පෙළපත;
නාමාන්ගෙන් පැවත එන නාමී පෙළපත.
41බෙන්යමින් පෙළපත් ඒවා ය. ගණන් ගන්නා ලද්දෝ හතළිස්පන්දහස් හයසිය දෙනෙකි.
42තම පෙළපත් අනුව දාන්ගෙන් පැවත එන්නෝ:
ෂුහාම්ගෙන් පැවත එන ෂුහාමී පෙළපත.
දාන්ගෙන් පැවත එන්නෝ ඔවුහු ය: 43ඒ සියල්ලෝ ෂුහාමී පෙළපත්ධාරීහු ය. ඔවුන් අතරින් ගණන් ගන්නා ලද්දෝ හැට හතරදහස් හාරසිය දෙනෙකි.
44තමන්ගේ පෙළපත් අනුව ආෂෙර්ගෙන් පැවත එන්නෝ:
ඉම්නාගෙන් පැවත එන ඉම්නා පෙළපත;
ඉෂ්වීගෙන් පැවත එන ඉෂ්වී පෙළපත;
බෙරියාගෙන් පැවත එන බෙරීවී පෙළපත.
45බෙරියාගෙන් පැවත එන්නෝ:
හෙබෙර්ගෙන් පැවත එන හෙබ්‍රී පෙළපත;
මල්කියෙල්ගෙන් පැවත එන මල්කියෙලී පෙළපත;
46ආෂෙර්ට සෙරා නමින් දුවක් සිටියා ය.
47ආෂෙර් පෙළපත් ඒවා ය. ගණන් ගන්නා ලද්දෝ පනස්තුන්දහස් හාරසිය දෙනෙකි.
48තමන්ගේ පෙළපත් අනුව නෆ්තලීගෙන් පැවත එන්නෝ:
යාසෙයෙල්ගෙන් පැවත එන යාසෙයෙලී පෙළපත;
ගුනීගෙන් පැවත එන ගුනී පෙළපත;
49යේසෙර්ගෙන් පැවත එන යිස්රී පෙළපත;
ෂිල්ලෙම්ගෙන් පැවත එන ෂිල්ලෙමී පෙළපත.
50නෆ්තලී පෙළපත් ඒවා ය. ගණන් ගන්නා ලද්දෝ හතළිස්පන්දහස් හාරසිය දෙනෙකි.
51මෙසේ ඉශ්‍රායෙල් පිරිමින්ගේ මුළු සංඛ්‍යාව හයලක්ෂ එක්දහස් හත්සිය තිස් දෙනෙකි.
52 ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, 53උරුමයක් වශයෙන් දේශය ඔවුනට බෙදා දිය යුත්තේ, ඔවුන්ගේ නාම ගණන අනුව ය. 54විශාල කණ්ඩායමකට විශාල උරුමයක් ද කුඩා කණ්ඩායමකට කුඩා උරුමයක් ද දෙන්න. එක් එක් කණ්ඩායම තම උරුමය ලැබිය යුත්තේ ලේඛනගත ගණනට අනුකූලව ය. 55පස ඇට දැමීමෙන් දේශය බෙදා දීමට වග බලා ගන්න. එක් එක් කණ්ඩායමට උරුමය ලැබෙනු ඇත්තේ, ඔවුන්ගේ පිය ගෝත්‍ර වංශ නාමවලට අනුව ය. 56විශාල මෙන් ම කුඩා කණ්ඩායම් අතරේ ඒ ඒ උරුමය බෙදා දිය යුත්තේ පස ඇට දැමීමෙනි.
57තමන්ගේ පෙළපත් අනුව ගණන් ගන්නා ලද ලෙවීවරු මොවුහු ය:
ගෙර්ෂොන්ගෙන් පැවත එන ගෙර්ෂුන්නී පෙළපත;#26:57 ගෙර්ෂුන්නී පෙළපත එනම් ගෙර්ෂොන්වරුන්ගේ ගණන් 3;21
කොහාත්ගෙන් පැවත එන කොහාතී පෙළපත;#26:57 කොහාතී පෙළපත එනම් කොහාත්වරුන්ගේ ගණන් 3;21
මෙරාරීගෙන් පැවත එන මෙරාරී පෙළපත#26:57 මෙරාරී පෙළපත එනම් මෙරාරීවරුන්ගේ ගණන් 3:33 යනුයි.
58මේවා ද ලෙවී පෙළපත් ය.
ලිබ්නී පෙළපත,
හෙබ්‍රොනී පෙළපත,
මාලී පෙළපත,
මූෂී පෙළපත හා
කොර්හී පෙළපත.
කොහාත්, අම්රාම්ගේ පියා ය. 59අම්රාම්ගේ බිරිඳ වූ යොකෙබෙද් ඊජිප්තුවේදී ලෙවී පෙළපතේ උපන් ලෙවී වංශික කතකි. ඈ, අම්රාම්ට දාව ආරොන් ද මෝසෙස් ද ඔවුන්ගේ සොහොයුරිය වූ මිරියාම් ද බිහි කළා ය. 60ආරොන්, නාදාබ්ගේ ද අබීහූගේ ද එලෙයාසර්ගේ ද ඊතාමර්ගේ ද පියා ය. 61ස්වාමින්වහන්සේ අබියස අනවසර ගින්නක් පිදූ අවස්ථාවේ නාදාබ් හා අබීහූ මරණයට පත් වූහ.
62ලෙවීවරුන් අතර ගණන් ගන්නා ලද එක් මසක් හා ඊට වැඩි වයස් වූ පිරිමි සියල්ලෝ විසිතුන් දහස් දෙනෙකි. සෙසු ඉශ්‍රායෙල්වරුන් අතරේ කිසි උරුමයක් නො ලද බැවින්, ලෙවීවරු සෙසු ඉශ්‍රායෙල්වරුන් සමඟ ගණන් ගනු ලැබුවේ නැත.
63යෙරිකෝවෙන් මෙපිට යොර්දාන් ගඟබඩ මෝවබ් තැන්නේදී මෝසෙස් හා පූජක එලෙයාසර් විසින් ඉශ්‍රායෙල් ජනයා ගණනය කරනු ලැබූ කල, ගණන් ගනු ලැබූවෝ මොවුහු ය. 64මොවුන්ගෙන් එක් කෙනෙක් හෝ, සීනයි කාන්තාරයේදී මෝසෙස් හා ආරොන් විසින් ඉශ්‍රායෙල් ජනයා ගණනය කරනු ලැබූ පළමු අවස්ථාවේදී ගණන් ගනු ලැබූවන් අතරේ නො වූහ. 65මන්ද සැබවින් ම ඔවුන් පාළුකරයේ මිය යන වග ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් ජනයාට පවසා තිබිණි. යෙෆුන්නෙගේ පුත් කාලෙබ් ද නූන්ගේ පුත් යෝෂුවා ද හැර ඔවුන්ගෙන් එක් කෙනකුදු නො මැරී ඉතිරි වූයේ නැත.

Currently Selected:

ගණන් 26: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in