ගණන් 26:1-51
ගණන් 26:1-51 SCV
වසංගතයෙන් පසු, ස්වාමින්වහන්සේ මෝසෙස්ට හා ආරොන්ගේ පුත්‍ර පූජක එලෙයාසර්ට කතා කොට, “මුළු ඉශ්රායෙල් ජන සමාජයේ, එනම් ඉශ්රායෙල් හමුදා සේවයේ යෙදිය හැකි, විසි වියැති හා ඊට වැඩි වයස් වූ සියල්ලන් ඔවුන්ගේ පියවංශ අනුව, සංගණනයක් ගන්නැ” යි පැවසූ සේක. එවිට, යෙරිකෝවෙන් මෙපිට යොර්දාන් ගඟබඩ මෝවබ් තැන්නේදී, මෝසෙස් හා පූජක එලෙයාසර් ජනයාට කතා කොට, “ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි, විසි වියැති හා ඊට වැඩි වයස් වූ පිරිමින්ගේ සංගණනයක් ගන්නැ” යි කීහ. ඊජිප්තුවෙන් පිටතට පැමිණි ඉශ්රායෙල්වරු මොවුහු ය. ඉශ්‍රායෙල්ගේ කුලුඳුල් පුත් රූබෙන්ගෙන් පැවත එන්නෝ; රූබෙන් පුත්‍රයෝ: හනොක්ගෙන් පැවත එන හනොකී පෙළපත; පල්ලුගෙන් පැවත එන පල්ලුවී පෙළපත; හෙස්රොන්ගෙන් පැවත එන හෙස්රොනී පෙළපත හා කර්මීගෙන් පැවත එන කර්මී පෙළපත. රූබෙන්වරුන්ගේ පෙළපත් ඒවා ය; ඔවුන් අතරින් ගණන් ගන්නා ලද්දෝ හතළිස් තුන්දහස් හත්සිය තිස් දෙනෙකි. පල්ලුගේ පුත්‍රයා එලියාබ් ය; එලියාබ්ගේ පුතුන්: නෙමුවෙල්, දාතාන් හා අබිරාම්. මෝසෙස්ට හා ආරොන්ට එරෙහිව කැරලි ගැසූ ප්‍රජා නිලධාරීන් වූයේ, මෙම දාතාන් හා අබිරාම් ය. කෝරාගේ පිරිස ස්වාමින්වහන්සේට එරෙහිව කැරලි ගැසූ කල්හි, ඔවුන් අතරේ ද මොවුහු දෙදෙනා වූහ. පොළොව මුව විවර කොට, කෝරා සමඟ ඔවුන් ද ගිලගනු ලැබී ය. මිනිසුන් දෙසිය පනස් දෙනා ගින්නෙන් දැවී ගිය කල, කෝරාගේ පිරිස ද මළහ. ඔවුහු අනතුරු ඇඟවීමේ ලකුණක් වූහ. කෙසේ වුව ද කෝරාගේ පෙළපත නැසී ගියේ නැත. තමන්ගේ පෙළපත් අනුව සිමියොන්ගෙන් පැවත එන්නෝ: නෙමුවෙල්ගෙන් පැවත එන නෙමුවෙලී පෙළපත; යාමීන්ගෙන් පැවත එන යාමිනී පෙළපත; යාකින්ගෙන් පැවත එන යාකිනී පෙළපත; සෙරාගෙන් පැවත එන සර්හී පෙළපත; ෂාවුල්ගෙන් පැවත එන ෂාවුලී පෙළපත. සිමියොන් පෙළපත් ඒවා ය. ඔවුහු විසිදෙදහස් දෙසිය දෙනෙකි. තමන්ගේ පෙළපත් අනුව ගාද්ගෙන් පැවත එන්නෝ: සෙෆොන්ගෙන් පැවත එන සෙෆොනී පෙළපත; හග්ගීගෙන් පැවත එන හග්ගී පෙළපත; ෂූනීගෙන් පැවත එන ෂූනී පෙළපත; ඔස්නීගෙන් පැවත එන ඔස්නී පෙළපත. ඒරීගෙන් පැවත එන ඒරී පෙළපත. අරෝද්ගෙන් පැවත එන අරෝදී පෙළපත; අර්යේලීගෙන් පැවත එන අර්යේලී පෙළපත. ගාද් පෙළපත් ඒවා ය. ඔවුන් අතරින් ගණන් ගන්නා ලද්දෝ හතළිස්දහස් පන්සිය දෙනෙකි. ඒර් සහ ඕනාන් ද යූදාගේ පුතුන් වූ නමුදු, ඔවුහු කානාන් දේශයේදී මළහ. තමන්ගේ පෙළපත් අනුව යූදාගෙන් පැවත එන්නෝ: ෂේලාගෙන් පැවත එන ෂේලානී පෙළපත; පෙරෙස්ගෙන් පැවත එන පර්සී පෙළපත; සෙරාගෙන් පැවත එන සර්හී පෙළපත; පෙරෙස්ගෙන් පැවත එන්නෝ; හෙස්රොන්ගෙන් පැවත එන හෙස්රොනී පෙළපත හා හාමූල්ගෙන් පැවත එන හාමූලී පෙළපත. යූදා පෙළපත් ඒවා ය. ගණන් ගන්නා ලද්දෝ හැත්තෑ හයදහස් පන්සිය දෙනෙකි. තමන්ගේ පෙළපත් අනුව, ඉස්සාකර්ගෙන් පැවත එන්නෝ: තෝලාගෙන් පැවත එන තෝලාවී පෙළපත; පූවාගෙන් පැවත එන පූනී පෙළපත; යාෂුබ්ගෙන් පැවත එන යාෂුබී පෙළපත; ෂිම්රෝන්ගෙන් පැවත එන ෂිම්රොනී පෙළපත. ඉස්සාකර් පෙළපත් ඒවා ය. ගණන් ගන්නා ලද්දෝ හැට හතරදහස් තුන්සිය දෙනෙකි. තමන්ගේ පෙළපත් අනුව සාබුලොන්ගෙන් පැවත එන්නෝ: සෙරෙද්ගෙන් පැවත එන සර්දී පෙළපත; ඒලොන්ගෙන් පැවත එන ඒලොනී පෙළපත; යාලෙයෙල්ගෙන් පැවත එන යාලෙයෙලී පෙළපත. සාබුලොන් පෙළපත් ඒවා ය. ගණන් ගන්නා ලද්දෝ හැට දහස් පන්සිය දෙනෙකි. තමන්ගේ පෙළපත් අනුව මනස්සේ හා එප්‍රායිම් තුළින් යෝසෙප්ගෙන් පැවත එන්නෝ: මනස්සේගෙන් පැවත එන්නෝ: මාකීර්ගෙන් පැවත එන මාකීරී පෙළපත (මාකීර්, ගිලියාද්ගේ පියා ය); ගිලියාද්ගෙන් පැවත එන ගිලියාදී පෙළපත; ගිලියාද්ගෙන් පැවත එන්නෝ: ඊයෙසෙර්ගෙන් පැවත එන ඊයෙස්රී පෙළපත; හේලෙක්ගෙන් පැවත එන හෙල්කී පෙළපත; අස්රියෙල්ගෙන් පැවත එන අස්රියෙලී පෙළපත; ෂෙකෙම්ගෙන් පැවත එන ෂික්මී පෙළපත; ෂෙමීදාගෙන් පැවත එන ෂෙමීදාවී පෙළපත; හේෆෙර්ගෙන් පැවත එන හෙෆ්රී පෙළපත. හේෆෙර්ගේ පුත් සෙලොෆෙහාද්ට පුතුන් සිටියේ නැත. ඔහුට සිටියේ දූවරුන් පමණි. මාලා, නොවා, හොග්ලා, මිල්කා හා තිර්සා යනු ඔවුන්ගේ නාම වෙයි. මනස්සේ පෙළපත් ඒවා ය. ගණන් ගන්නා ලද්දෝ පනස් දෙදහස් හත්සිය දෙනෙකි. තමන්ගේ පෙළපත් අනුව, එප්‍රායිම්ගෙන් පැවත එන්නෝ: ෂුතෙලාගෙන් පැවත එන ෂුතල්ලී පෙළපත; බෙකෙර්ගෙන් පැවත එන බක්රී පෙළපත; තහන්ගෙන් පැවත එන තහනී පෙළපත; ෂුතෙලාගෙන් පැවත එන්නෝ: එරාන්ගෙන් පැවත එන එරානී පෙළපත; එප්‍රායිම් පෙළපත් ඒවා ය. ගණන් ගන්නා ලද්දෝ තිස්දෙදහස් පන්සිය දෙනෙකි; ඔවුන්ගේ පෙළපත් අනුව යෝසෙප්ගෙන් පැවත එන්නෝ ඔවුහු ය. තමන්ගේ පෙළපත් අනුව බෙන්යමින්ගෙන් පැවත එන්නෝ: බෙලාගෙන් පැවත එන බල්වී පෙළපත; අෂ්බෙල්ගෙන් පැවත එන අෂ්බෙලී පෙළපත; අහිරාම්ගෙන් පැවත එන අහිරාමී පෙළපත; ෂෙෆුෆාම්ගෙන් පැවත එන ෂුෆාමී පෙළපත; හුෆාම්ගෙන් පැවත එන හුෆාමී පෙළපත. අර්ද් සහ නාමාන් තුළින්, බෙලාගෙන් පැවත එන්නෝ: අර්ද්ගෙන් පැවත එන අර්දී පෙළපත; නාමාන්ගෙන් පැවත එන නාමී පෙළපත. බෙන්යමින් පෙළපත් ඒවා ය. ගණන් ගන්නා ලද්දෝ හතළිස්පන්දහස් හයසිය දෙනෙකි. තම පෙළපත් අනුව දාන්ගෙන් පැවත එන්නෝ: ෂුහාම්ගෙන් පැවත එන ෂුහාමී පෙළපත. දාන්ගෙන් පැවත එන්නෝ ඔවුහු ය: ඒ සියල්ලෝ ෂුහාමී පෙළපත්ධාරීහු ය. ඔවුන් අතරින් ගණන් ගන්නා ලද්දෝ හැට හතරදහස් හාරසිය දෙනෙකි. තමන්ගේ පෙළපත් අනුව ආෂෙර්ගෙන් පැවත එන්නෝ: ඉම්නාගෙන් පැවත එන ඉම්නා පෙළපත; ඉෂ්වීගෙන් පැවත එන ඉෂ්වී පෙළපත; බෙරියාගෙන් පැවත එන බෙරීවී පෙළපත. බෙරියාගෙන් පැවත එන්නෝ: හෙබෙර්ගෙන් පැවත එන හෙබ්රී පෙළපත; මල්කියෙල්ගෙන් පැවත එන මල්කියෙලී පෙළපත; ආෂෙර්ට සෙරා නමින් දුවක් සිටියා ය. ආෂෙර් පෙළපත් ඒවා ය. ගණන් ගන්නා ලද්දෝ පනස්තුන්දහස් හාරසිය දෙනෙකි. තමන්ගේ පෙළපත් අනුව නෆ්තලීගෙන් පැවත එන්නෝ: යාසෙයෙල්ගෙන් පැවත එන යාසෙයෙලී පෙළපත; ගුනීගෙන් පැවත එන ගුනී පෙළපත; යේසෙර්ගෙන් පැවත එන යිස්රී පෙළපත; ෂිල්ලෙම්ගෙන් පැවත එන ෂිල්ලෙමී පෙළපත. නෆ්තලී පෙළපත් ඒවා ය. ගණන් ගන්නා ලද්දෝ හතළිස්පන්දහස් හාරසිය දෙනෙකි. මෙසේ ඉශ්රායෙල් පිරිමින්ගේ මුළු සංඛ්‍යාව හයලක්ෂ එක්දහස් හත්සිය තිස් දෙනෙකි.



