YouVersion Logo
Search Icon

ගණන් 22:1-7

ගණන් 22:1-7 SCV

ඉන්පසු මෝවබ් තැනිතලා වෙත ගමන් ගත් ඉශ්‍රායෙල්වරු යෙරිකෝවෙන් මෙපිට යොර්දාන් ගඟබඩ කඳවුරු ගැසූහ. ඉශ්‍රායෙල්වරුන් අමෝරිවරුන්ට කර තිබූ සියලු දෑ සිප්පෝර්ගේ පුත් බාලාක් දැක්කේ ය. ඉශ්‍රායෙල් ජනයා ඒ සා බොහෝ වූ බැවින් මෝවබ්වරු භය වූහ. ඉශ්‍රායෙල්වරුන් නිසා මෝවබ්වරු සැබවින් ම භීතියෙන් පිරුණහ. එවිට මිදියන්හි වැඩිහිටියන් ඇමතූ මෝවබ්වරු, “ගවයා කෙතේ තණ කා දමන්නාක් මෙන්, මුන් අප වටා ඇති හැම දෙයක් මකා දමනු ඇතැ” යි කීවෝ ය. එකල මෝවබ්හි රජු වූයේ සිප්පෝර්ගේ පුත් බාලාක් ය. ඔහු බෙයෝර්ගේ පුත් බාලාම් කැඳවීමට පණිවුඩකරුවන් යැවී ය. බාලාම් පදිංචි ව සිටියේ තම නිජ බිමෙහි ගංගාව අසල පෙතෝර්හි ය. බාලාක්ගේ පණිවුඩය වූයේ, “ඔන්න! ඊජිප්තුවෙන් පිටත් ව පැමිණි ජනකායක්! ඔවුහු දේශය වසා පැතිර, දැන් මගේ දේශ සීමාවට ම ඇවිදින්. මොවුන් මට වඩා බොහෝ බලවත් බැවින්, දැන් පැමිණ, මේ ජනතාව පිට ශාපයක් තබන්න. එවිට ඔවුන් පරදා, මේ රටින් පන්නා දමන්නට ඇතැම් විට මට හැකි වේවි; මන්ද ඔබ ආශිර්වාද කරන අය ආශිර්වාද ලබන බවත්, ඔබ ශාප කරන අය ශාප ලබන බවත් මම දනිමි” යන්න ය. මෙසේ පේන ඇසීමට පඬුරු ගෙන, මෝවබ් හා මිදියන් වැඩිහිටියන් පිටත් වූහ. බාලාම් වෙත ආ ඔවුහු බාලාක්ගේ පණිවුඩය ඔහුට පැවසූහ.

Video for ගණන් 22:1-7