YouVersion Logo
Search Icon

ගණන් 20:22-29

ගණන් 20:22-29 SCV

මුළු ඉශ්‍රායෙල් ප්‍රජාව කාදෙෂ් වෙතින් පිටත් ව හෝර් කන්දට පැමිණියහ. ඒදොම් දේශ සීමාවට නුදුරු හෝර් කන්දේදී, මෝසෙස් හා ආරොන් ඇමතූ ස්වාමින්වහන්සේ, “ආරොන්, මිය ගිය තම ජනයාට එකතු වනු ඇත. මෙරීබා ජලය අසලදී ඔබ දෙදෙනා මගේ අණට එරෙහිව කැරලි ගැසූ බැවින්, ඉශ්‍රායෙල්වරුනට මා දෙන දේශයට ඔහු ඇතුළු වන්නේ නැත. ආරොන් හා ඔහුගේ පුත් එලෙයාසර් හෝර් කන්ද උඩට කැඳවාගෙන එන්න. ආරොන්ගේ පූජක ඇඳුම් ඉවත් කොට, ඔහුගේ පුත් එලෙයාසර්ට ඒවා හඳවන්න. ආරොන්, මිය ගිය තම ජනයාට එක්වීමට යයි. ඔහු එහිදී මිය යන්නේ යැ” යි පැවසූ සේක. ස්වාමින්වහන්සේ අණ කළ දේ මෝසෙස් කළේ ය. මුළු ජන සමූහයා බලා සිටියදී ඔවුහු හෝර් කන්දට නැගුණහ. ආරොන්ගේ ඇඳුම් ඉවත් කළ මෝසෙස් ඒවා ඔහුගේ පුත් එලෙයාසර්ට හැඳවී ය. එහි, කඳු මුඳුනේදී ආරොන් මියැදුණේ ය. මෝසෙස් හා එලෙයාසර් ඉන්පසු කන්දෙන් පහළට ආහ. ආරොන් මිය ගොස් ඇති වග දුටු කල, ඉශ්‍රායෙල් වංශික සියල්ලෝ තිස් දවසක් ඔහු උදෙසා ශෝක වූහ.

Video for ගණන් 20:22-29