YouVersion Logo
Search Icon

ගණන් 20:11-13

ගණන් 20:11-13 SCV

ඉන්පසු තම අත එසවූ මෝසෙස්, තම සැරයටියෙන් දෙවරක් පර්වතයට ගැසී ය. වතුර ඉන් ගලා හැලෙන්නට වන්නේ ය. ජන සමූහයත්, ඔවුන්ගේ සතුනුත් එයින් බීවෝ ය. එහෙත් මෝසෙස් හා ආරොන් ඇමතූ ස්වාමින්වහන්සේ, “ඉශ්‍රායෙල්වරුන් හමුවෙහි මගේ ශුද්ධත්වයට ගෞරව පැමිණෙන සේ ඔබ මා කෙරෙහි විශ්වාසය නො තැබූ බැවින්, මේ ප්‍රජාවට මා දෙන දේශයට ඔබ ඔවුන් ගෙන යන්නේ නැතැ” යි පැවසූ සේක. ඉශ්‍රායෙල්වරු ස්වාමින්වහන්සේ හා කලහ කළ තැන ද තමන්වහන්සේ ශුද්ධ වග උන්වහන්සේ ඔවුන් අතරෙහි පෙන්වා දුන් තැන ද වූ මෙරීබා ජලය මෙතැන ය.

Video for ගණන් 20:11-13