YouVersion Logo
Search Icon

ගණන් 14:5-9

ගණන් 14:5-9 SCV

එවිට මෝසෙස් හා ආරොන් එහි එක් රැස් වූ මුළු ඉශ්‍රායෙල් සභාව ඉදිරියේ මුහුණ බිම නමා, වැටුණහ. දේශයේ ඔත්තු බැලීමට ගියවුන් අතරේ වූ නූන්ගේ පුත් යෝෂුවා හා යෙෆුන්නෙගේ පුත් කාලෙබ් යන දෙදෙන තම ඇඳුම් ඉරාගෙන, ඉශ්‍රායෙල් මුළු ජන සමූහයා අමතමින්, “ඔත්තු බලමින්, පරීක්ෂා කරන්නට අප ගිය රට ඉතාම කදිමයි. ස්වාමින්වහන්සේ අප හා ප්‍රසන්න නම්, කිරි හා පැණි ගලා යන දේශයක් වන ඒ දේශයට උන්වහන්සේ අපට මගපෙන්වා, එය අපට දෙන සේක. ස්වාමින්වහන්සේට එරෙහිව කැරලි ගසන්න එපා. ඒ දේශයේ ජනයාට බිය වෙන්නත් එපා. මන්ද ඔවුන් අපට ගොදුරක් වේවි. ඔවුන්ගේ ආරක්ෂාව පහව ගොස්. මන්ද ස්වාමින්වහන්සේ අප සමඟයි; ඔවුන්ට බය වන්න එපා” යි කීහ.

Free Reading Plans and Devotionals related to ගණන් 14:5-9