YouVersion Logo
Search Icon

ගණන් 14:26-31

ගණන් 14:26-31 SCV

ස්වාමින්වහන්සේ මෝසෙස් හා ආරොන් අමතමින්, “මේ දුෂ්ට සමාජය තව කොතෙක් කලක් මට එරෙහිව මැසිවිලි නගත් ද? මේ මැසිවිලිකාර ඉශ්‍රායෙල්වරුන්ගේ චෝදනා මට ඇසී තිබේ. එබැවින් ඔවුනට මෙසේ කියන්න: ‘මා ජීවත් වන වග සැබෑ සේ ම, ඔබ පවසනු මට ඇසුණු දේ ම මම ඔබට කරන්නෙමි. සංගණනයේදී ගණන් ගන්නා ලද විසි හැවිරිදි හා ඊට වැඩි වයස් වූ, මට එරෙහිව මැසිවිලි නැගූ ඔබ හැම කෙනකුගේ ම මළ-සිරුරු මේ පාළුකරයේ වැටී යනු ඇත. ඔබ වාසය කරවීමට, අත ඔසවා මා දිවුළ දේශයට යෙෆුන්නෙගේ පුත් කාලෙබ් ද නූන්ගේ පුත් යෝෂුවා ද හැර ඔබෙන් අන් කිසි කෙනකු ඇතුළු වන්නේ නැත. කොල්ලයක් කොට ගෙන යනු ඇතැයි ඔබ කී ඔබේ දරුවන් මම එහි ගෙන යන්නෙමි. ඔබ ප්‍රතික්ෂේප කළ දේශය ඔවුන් භුක්ති විඳිනු ඇත.