ගණන් 14:20-24
ගණන් 14:20-24 SCV
ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ ඉල්ලූ පරිදි, මම ඔවුනට කමා වුණෙමි. එසේ ද වුව, මා ජීවත් වන වග සැබෑ සේ ම, ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමයෙන් මුළු මිහිතලය පිරෙන වග සැබෑ සේ ම, ඊජිප්තුවේ හා පාළුකරයේ මගේ තේජෝ මහිමයත් මා පෑ හාස්කම් ලකුණුත් දුටු නමුදු දහ වරක් ම මා පරීක්ෂා කරමින්, මට අකීකරු වූ එක් කෙනකුවත් ඔවුන්ගේ පියවරුන්ට මා දිවුරා පොරොන්දු වූ දේශය කිසි දින දකින්නේ නැත. මා සුළු කොට තැකූ කිසි කෙනකුට, කිසි දිනෙක එය දක්නට ලැබෙන්නේ නැත. එහෙත් මගේ සේවක කාලෙබ් වෙනස් ආකල්පයක් දරමින්, මුළු හදින් ම මා අනුගමන කළ නිසා, ඔහු පා තැබූ දේශයට මම ඔහු ගෙන එන්නෙමි. ඔහුගෙන් පැවතෙන්නන් එය උරුම කර ගනු ඇත.


![[Spirit of Leadership] Preparation ගණන් 14:20-24 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F25842%2F1440x810.jpg&w=3840&q=75)


