YouVersion Logo
Search Icon

ගණන් 13:27-30

ගණන් 13:27-30 SCV

ඔවුහු මෝසෙස්ට කරුණු දක්වමින්, “ඔබ, අප පිටත් කළ දේශයට අපි ගියෙමු. සැබවින් ම එහි කිරි හා පැණි ගලා යයි. මෙන්න, එහි පලතුරු. එහෙත්, එහි වෙසෙන ජනයා බලවත්. එහි නගර ආරක්ෂිත ප්‍රාකාර සහිතයි; අති විශාලයි. අනාක් පරපුරේ අය පවා එහිදී අප දැක්කා. දකුණේ පෙදෙසේ වෙසෙන්නේ අමලෙක්වරුයි. කඳු රටේ වෙසෙන්නේ හිත්තිවරුන්, යෙබූසිවරුන් හා අමෝරිවරුන්. මුහුදුබඩ හා යොර්දාන් ගඟබඩ වෙසෙන්නේ කානානිවරුයි” කීහ. එවිට මෝසෙස් ඉදිරිපිටදී ජනයා නිශ්ශබ්ද කර වූ කාලෙබ්, “අපි ගොස්, ඒ දේශය අත්පත් කර ගනිමු. නිසැකයෙන් ම අපට එය කළ හැකි යැ” යි පැවසී ය.

Video for ගණන් 13:27-30

Free Reading Plans and Devotionals related to ගණන් 13:27-30