ගණන් 12:5-6
ගණන් 12:5-6 SCV
ස්වාමින්වහන්සේ වලා ටැඹකින් පහළට ආ සේක්, මණ්ඩප දොරකඩ සිට, ආරොන් හා මිරියාම් කැඳවූ සේක. ඔවුන් දෙදෙන ඉදිරියට පිය නැගූ කල, උන්වහන්සේ කතා කරමින්, “මගේ වචනවලට සවන් දෙන්න: “ස්වාමින්වහන්සේගේ දිවැසිවරයකු ඔබ අතර සිටින කල, දර්ශනවලින් මම ඔහුට එළිදරවු වන්නෙමි; සිහිනවලින් ඔහුට කතා කරන්නෙමි.





