YouVersion Logo
Search Icon

ගණන් 12:1-6

ගණන් 12:1-6 SCV

මෝසෙස්ගේ කූෂ් ජාතික බිරිඳ සම්බන්ධයෙන් මිරියාම් සහ ආරොන්, මෝසෙස්ට එරෙහිව කතා කරන්නට වන්හ. මන්ද මෝසෙස් කූෂ් ජාතික කාන්තාවක් ආවාහ කොට ගෙන තිබිණි. “ස්වාමින්වහන්සේ කතා කළේ මෝසෙස් මගින් පමණක් ද? උන්වහන්සේ අප මගින් කතා නො කළ සේක් දැ?” යි ඔවුහු ඇසූහ. ස්වාමින්වහන්සේට එය ඇසිණි. මෙම මෝසෙස් ඉතා නිහතමානී මිනිසෙක් විය. මිහි පිට සිටි අන් කවරකුටත් වඩා ඔහු නිහතමානී විය. එසැණෙහි ම මෝසෙස් ද ආරොන් ද මිරියාම් ද ඇමතූ ස්වාමින්වහන්සේ, “ඔබ තුන් දෙනා හමුවීමේ කූඩාරම වෙත පිටතට එන්නැ” යි පැවසූ සේක. එබැවින් ඒ තුන් දෙනා පිටතට ආහ. ස්වාමින්වහන්සේ වලා ටැඹකින් පහළට ආ සේක්, මණ්ඩප දොරකඩ සිට, ආරොන් හා මිරියාම් කැඳවූ සේක. ඔවුන් දෙදෙන ඉදිරියට පිය නැගූ කල, උන්වහන්සේ කතා කරමින්, “මගේ වචනවලට සවන් දෙන්න: “ස්වාමින්වහන්සේගේ දිවැසිවරයකු ඔබ අතර සිටින කල, දර්ශනවලින් මම ඔහුට එළිදරවු වන්නෙමි; සිහිනවලින් ඔහුට කතා කරන්නෙමි.

Free Reading Plans and Devotionals related to ගණන් 12:1-6