YouVersion Logo
Search Icon

ගණන් 11:27-29

ගණන් 11:27-29 SCV

එවිට මෝසෙස් වෙත දිවූ තරුණයෙක්, “එල්දාද් හා මේදාද් කඳවුරේ දිවැස් වැකි කියති” යි කීවේ ය. නූන්ගේ පුත් යෝෂුවා හෙවත් යොවුන් වියේ පටන් මෝසෙස්ගේ සහායකයා කතා කරමින්, “මෝසෙස් මා ස්වාමිනි, ඔවුන් නවතාලන්නැ” යි කීවේ ය. එහෙත් මෝසෙස් පිළිතුරු දෙමින්, “මා උදෙසා ඔබ ඊර්ෂ්‍යා වෙනවා ද? ස්වාමින්වහන්සේගේ මුළු ජනතාව ම දිවැසිවරුන් වනවාටත්, ස්වාමින්වහන්සේ ස්වකීය ආත්මයාණන් ඒ හැම කෙනකු මත ම තබනවාටත් මම කැමැත්තෙමි” යි පැවසී ය.

Free Reading Plans and Devotionals related to ගණන් 11:27-29