ගණන් 11:1-3
ගණන් 11:1-3 SCV
තවද ස්වාමින්වහන්සේ අසා සිටියදී, ජනයා තම අපහසුතා ගැන මැසිවිලි නගන්නට වූහ. ස්වාමින්වහන්සේට ඒවා ඇසුණු කල, උන්වහන්සේගේ කෝපය ඇවිස්සිණි. එවිට ස්වාමින්වහන්සේ වෙතින් වූ ගින්න ඔවුන් අතරේ ඇවිළී, කඳවුර අවට ඇතැම් තැන් දවාලී ය. එවිට ජනයා මෝසෙස්ට මොරගැසූයෙන්, ඔහු ස්වාමින්වහන්සේට යාච්ඤා කළේ ය. එවිට ගින්න නිවී ගියේ ය. ස්වාමින්වහන්සේගේ ගින්න ඔවුන් අතරේ ඇවුළුණු බැවින්, එම ස්ථානය තබේරා නමින් හඳුන්වනු ලැබී ය.





