YouVersion Logo
Search Icon

ගණන් 10:29-32

ගණන් 10:29-32 SCV

මෝසෙස්ගේ මාමණ්ඩිය වූ මිදියන්හි රෙවූයෙල්ගේ පුත්‍රයා වූ හොබාබ් ඇමතූ මෝසෙස්, “ ‘මම ඔබට දෙන්නෙමි’ යි ස්වාමින්වහන්සේ කී ස්ථානය බලා අපි ගමන් ගන්නෙමු. අප සමඟ එන්න; අපි ඔබට හොඳින් සලකන්නෙමු. මන්ද ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල්-අපට යහපත් දෑ පොරොන්දු වී ඇතැ” යි කීවේ ය. “නෑ මා එන්නෙ නෑ. මගේ ම රටටත්, මගේ ම ජනයා වෙතටත් මම ආපසු යන්නෙමි” යි ඔහු පිළිතුරු දුන්නේ ය. එහෙත් මෝසෙස්, “අනේ අප හැර යන්න එපා. පාළුකරයේ අප කඳවුරු බැඳිය යුත්තේ කොතැන්හි දැයි දන්නේ ඔබයි. එබැවින් අපට ඇස් දෙක වීමට ඔබට හැකියි. ඔබ අප හා ආවොත්, ස්වාමින්වහන්සේ අපට දෙන කවර යහපතක් වුව ද අපි ඔබ හා බෙදාගන්නෙමු” යි කීවේ ය.