YouVersion Logo
Search Icon

නාහුම් 3:1-11

නාහුම් 3:1-11 SCV

ලේ තැවරුණු පුරයට දුක්-විපත් වේ! සියල්ල බොරුවෙන් හා කොල්ලකෑමෙන් පිරුණු, කොල්ලකෑමෙන් නිමක් නැති පුරය! කස පුපුරන හඬ ය; රෝද කැරකෙන කර-කර හඬ ය; පිම්මේ දුවන අශ්වයින් ය; පැද්දී දිවෙන යුද්ධ රථ ය; කඩා පනින අශ්ව බළඇණි ය; ලෙළ දෙන අසිපත් ය; දිළිසෙන තෝමර ය; මරා දැමුණු, ගොඩ ගොඩවල් ය; මළමිනි කඳු ය; ගණන් නැති මළ කඳන් ය; ඔවුහු මළ කඳන් නිසා පැකිළී, පැකිළී වැටෙති. මේ සියල්ල මන්ත්‍රකාර ස්වාමි දූ වන මෝහනීය වෙසඟනගේ රාගික වේශ්‍යාකම් නිසා ය. ඈ තම වේශ්‍යාකමින් ජාතීන් ද තම මායා බන්ධනයෙන් ජනයා ද තම වසඟයට ගත්තා ය. “බලනු! මම නුඹට විරුද්ධ යැ” යි සේනාංකවල ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක: “මම නුඹේ වස්ත්‍රය නුඹේ මුහුණට ම ඔසවා, නුඹේ නිරුවත ජාතීන්ට ද නුඹේ ලජ්ජා නැතිකම රට රාජ්‍යවලට ද පෙන්වන්නෙමි. මම නුඹ පිට කැත-කුණු දමා ගසා, නුඹ පිළිකුලට ලක්කර, නුඹ කෝලමක් කරන්නෙමි. එවිට නුඹ දකින සියල්ලෝ නුඹ වෙතින් පලා දුවමින්, ‘නිනිවය ජරාවාස වෙලා ය. කවුරුන් ඇය ගැන වැලැපේදෝ’ යි කියති. ඔබ සනසන්නට කෙනකු මා කොහෙන් සොයන්නදෝ?” තමන් වටා ජල කඳක් ඇති ව, නයිල් ගං පිට සිටින තීබ්ස්ට වඩා නුඹ අගේ ද? ගංගාව, ඇගේ ආරක්ෂාව විය. ජල කඳ, ඇගේ පවුර විය. කූෂ් ඇගේ ශක්තිය විය. එසේ ම ඊජිප්තුව ඇගේ අසීමිත ශක්තියයි. පූට් හා ලිබියානුවන් ඇගේ මිත්‍ර පාක්ෂිකයන් විය. එසේ වුව ද, ඈ වහල්කමට ගෙන යනු ලැබුවා ය. ඈ රටින් පිට මං ව ගියා ය. ඇගේ අත දරුවෝ පවා වීදි ඉද්දර පොළොවේ ගසනු ලැබුවෝ ය. ඇගේ උත්තමයින්ට පස ඇට දමනු ලැබී ය. ඇගේ ශ්‍රේෂ්ඨ මිනිසුන් සැවොම යදමින් බඳිනු ලදහ. නුඹත් වෙරිමත් වනු ඇත. නුඹ සැඟවී ගොස්, සතුරාගෙන් ආරක්ෂාව ඉල්ලනු ඇත.

Related Videos

Free Reading Plans and Devotionals related to නාහුම් 3:1-11