YouVersion Logo
Search Icon

නාහුම් 1:12-15

නාහුම් 1:12-15 SCV

ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “ඔවුන් ගණනින් පූර්ණ බළ සේනා සහිත වුවත්, ඔවුන් සිඳ දමනු ලැබ, පහ වී යනු ඇත. යූදා, මම නුඹට පීඩා පැමිණ වූ නමුදු, තවදුරටත් නුඹට පීඩා නො කරමි. දැන් නුඹේ ගෙලෙන් උන්ගේ වියගහ බිඳ, නුඹේ විලංගු මම ඉරා දමන්නෙමි.” නිනිවය, නුඹ ගැන ස්වාමින්වහන්සේ අණක් දී ඇත. “නුඹේ නම ගෙන යන්නට කෙනෙක් නුඹට නො වන්නේ ය. නුඹේ දෙවි-දේවතා දෙවොල්හි නෙළූ රූප හා වාත්තු පිළිම මම විනාශ කරන්නෙමි. නුඹ නීච බැවින් නුඹේ මිනී වළ මම ලැහැස්ති කරන්නෙමි” යනුයි. අන්න! සුබ ආරංචි ගෙනෙන, සාමය ප්‍රකාශ කරන කෙනකුගේ පාද කඳු මත්තේ! එම්බා යූදා, නුඹලාගේ මංගල්‍ය පවත්වා, නුඹලාගේ බාර ඔප්පු කරනු! තවදුරටත් දුෂ්ටයා ඔබ ආක්‍රමණ කරන්නේ නැත; මුළුමනින් ම ඔවුන් විනාශ කර දැමේ.

Related Videos

Free Reading Plans and Devotionals related to නාහුම් 1:12-15