YouVersion Logo
Search Icon

මාර්ක් 2:1-5

මාර්ක් 2:1-5 SCV

ටික දිනකින් උන්වහන්සේ යළි කපර්ණවුමට පැමිණි කල, උන්වහන්සේ ගෙදර ආ වග පතළ විය. එවිට දොරකඩින් පිටත පවා ඉඩක් නොමැති තරමට ජනකායක් එහි එක් රොක් වූහ. උන්වහන්සේ ඔවුන්ට වචනය දේශනා කළ සේක. සිවු දෙනකු විසින් උසුලාගෙන ආ අංසබාග රෝගියකු උන්වහන්සේ වෙත ගෙන එන ලදී. ජනකාය නිසා උන්වහන්සේට ළං විය නො හැකි වූයෙන්, ඔවුහු උන්වහන්සේට ඉහළින් පියස්ස ගලවා, කුහරයක් සාදා, අංසබාග රෝගියා ඔත් සයනය එතුළින් පහළට බැස්සූහ. යේසුස්වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක, අංසබාග රෝගියා අමතා, “පුත්‍රය, ඔබේ පාප කමා කරන ලදැ” යි කී සේක.

Free Reading Plans and Devotionals related to මාර්ක් 2:1-5