මාර්ක් 14:60-64
මාර්ක් 14:60-64 SCV
එවිට ඔවුන් ඉදිරියේ නැගිට, උත්තම පූජකයා, යේසුස්වහන්සේ අමතා, “ඔබට දෙන්නට උත්තර නැති ද? මේ මිනිසුන් ඔබට විරුද්ධ ව ගෙනෙන මේ සාක්ෂිය කුමක් දැ?” යි ඇසී ය. එහෙත් උන්වහන්සේ පිළිතුරු නො දී නිහඬ ව සිටි සේක. එවිට උත්තම පූජකයා කතා කොට, “ඔබ ක්‍රිස්තුස්වහන්සේ ද? ආශිර්වාද ලද්දාණන්වහන්සේගේ පුත්‍රයා දැ?” යි ඇසී ය. “මම වෙමි” යි පැවසූ යේසුස්වහන්සේ, “තවද මනුෂ්‍ය පුත්‍රයාණන් පරාක්‍රමයාණන්වහන්සේගේ දකුණු පස අසුන් ගෙන සිටිනු ද අහසේ වලාකුළු මතින් පැමිණෙනු ද ඔබ දකිනු ඇතැ” යි කී සේක. එවිට උත්තම පූජකයා තම ඇඳිවත් ඉරා ගනිමින්, “තවත් සාක්ෂිකරුවන් අපට කුමට ද? ඔබට ඇසුණා නො වේ ද මේ දේවාපහාසය! ඔබේ තීරණය කුමක් දැ?” යි පැවසී ය. ඔහු සුදුසු මරණයට යැයි සියල්ලෝ තීන්දු කළෝ ය.





