මාර්ක් 11:7-10
මාර්ක් 11:7-10 SCV
ඔවුහු බූරු වස්සා යේසුස්වහන්සේ වෙත ගෙන අවුත්, ඌ පිට තමන්ගේ උඩු කබා අතුළහ. උන්වහන්සේ ඌ පිට හිඳගත් සේක. එවිට බොහෝ දෙනෙක් තම උඩු කබා ද අනෙක් අය වතුවලින් කපා ගත් කොළ අතු ද මග අතුළෝ ය. උන්වහන්සේ පෙරටුවෙන් ද පසුපසින් ද ගමන් කළ අය මහ හඬ නැගුවෝ ය, “හෝසන්නා!” “ස්වාමින්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තාණන් ආශිර්වාදිත ය!” “අප පිය වූ දාවිත්ගේ මතු පැමිණෙන රාජ්‍යය ආශිර්වාදිත ය!”





