මාර්ක් 1:40-45
මාර්ක් 1:40-45 SCV
එවිට කුෂ්ඨ රෝගියෙක් උන්වහන්සේ වෙත පැමිණ, දණින් වැටී, “ඔබ කැමති නම් මා පවිත්‍ර කරන්නට ඔබට පුළුවනැ” යි අයැදී ය. අනුකම්පාවෙන් පිරුණු උන්වහන්සේ අත දිගු කොට, ඔහු ස්පර්ශ කර, “මා කැමතියි; පවිත්‍ර වන්නැ!” යි කී සේක. එකෙණෙහි ම කුෂ්ඨය ඔහුගෙන් පහ වී, ඔහු පවිත්‍ර විය. යේසුස්වහන්සේ වහා ඔහු පිටත් කර හැරියේ දැඩි ව අවවාද කරමිනි. “කිසිවකුටත් මේ ගැන කිසිවක් නො කියන්නට වග බලා ගන්න; එහෙත් ගොසින්, පූජකයා ඉදිරියේ පෙනී සිට, ඔවුන්ට සාක්ෂියක් වශයෙන් ඔබේ පවිත්‍ර වීම පිළිබඳව මෝසෙස් නියම කළ දෑ ඔප්පු කරන්නැ” යි කී සේක. එහෙත් ඔහු පිටත් ව ගොස්, ඒ ගැන පතළ කරමින්, ප්‍රසිද්ධියේ කතා කළේ ය. ඒ හේතුවෙන් යේසුස්වහන්සේට ප්‍රසිද්ධියේ කිසි නගරයකට ඇතුළු වීමට නො හැකි විය. උන්වහන්සේ නගරයෙන් පිටත හුදකලා තැන්වල සිටිය ද හැම පැත්තෙන් ම ජනයා උන්වහන්සේ වෙත ආහ.





