මීකා 7:18-20
මීකා 7:18-20 SCV
ස්වකීය උරුමයේ ඉතිරි ස්වල්පදෙනාගේ පාප කමා කොට, ඔවුන්ගේ අයුතුකමින් ඔවුන් නිදොස් කරන, ඔබ හා සමාන අන් දෙවියන්වහන්සේ කෙනකු කවුරු ද? ඔබවහන්සේ සදහට ම කෝපයෙන් නො සිටින සේක; ප්‍රේමය දැක්වීමට සොම්නස් වන සේක. ඔබවහන්සේ යළිත් අපට අනුකම්පා පානා සේක්, අපගේ පාප ඔබේ පයින් පාගා, අපේ සියලු අයුතුකම් මුහුදු-ගැඹුරේ හෙළන සේක. ඈත අතීත සමයේ අපේ ආදි පියවරුන්ට දිවුරුමකින් ඔබ ම ශපථ කළ පරිදි, ඔබවහන්සේ යාකොබ්ට විශ්වාසවන්ත වී, ආබ්‍රහම්ට දයාව පානා සේක.








