මතෙව් 7:3-5
මතෙව් 7:3-5 SCV
“ඔබේ ම ඇසේ ඇති ලී පතුර දෙස නො බලා, ඔබේ සහෝදරයාගේ ඇසේ ලී කුඩ්ඩ දෙස බලන්නේ ඇයි? ඔබේ ම ඇසේ ලී පතුරක් තිබියදී තම සහෝදරයාට, ‘ඔබේ ඇසේ ඇති ලී කුඩ්ඩ ඉවත් කරන්න ඉඩ දෙන්නැ’ යි කියන්නේ කෙසේ ද? වංචාකාරය, පළමු ව, ඔබේ ඇසේ ලී පතුර ඉවත් කර ගන්න; එවිට ඔබේ සහෝදරයාගේ ඇසේ ඇති ලී කුඩ්ඩ ඉවත් කිරීමට පැහැදිලි ව ම ඔබට පෙනෙනු ඇත.





